26 C
Colombo
Tuesday, April 30, 2024

රනිල් පාර්ලිමේන්තු එන්න සූදානම්

- Advertisement -

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අද (16) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත බාරදීමට නියමිත බව වාර්තා වේ.

2020 මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට මුළු දිවයිනෙන්ම ලබාගත හැකිවූයේ ඡන්ද 249,435ක් පමණි. එම ඡන්ද වලින් දිස්ත්‍රික් මට්ටමින් එකදු ආසනයක්වත් දිනාගැනීමට ඔවුන්ට නොහැකි වූ අතර ජාතික ලැයිස්තුවෙන් ලැබුණු එකම ආසනයට ද පසුගිය මාස 9ක් තිස්සේම මන්ත්‍රීවරයකු පත්කර ගැනීමට නොහැකි වී තිබිණි.

රනිල් වික්‍රමසිංහ මහතා 1977 මහමැතිවරණයේ සිට 2020 මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරුම අඛණ්ඩව වසර 43ක් මහජන නියෝජිතයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර පස්වතාවක් මෙරට අගමැති ධුරයෙහි දිවුරුම් දුන් අත්දැකීම් සහිත දේශපාලනඥයෙකි.

1994 වසරේ සිටම එක්සත් ජාතික පක්ෂයෙහි නායකත්වය දරන්නේ ද ඔහුයි.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...