29 C
Colombo
Thursday, May 2, 2024

ඉරාන්ගෙන් ප්‍රශ්ණ කලේ ඇයි දැයි පොලිසිය කියයි

- Advertisement -

සහරාන් ඇතුළු කණ්ඩායමට මුදල් ලැබුණු ආකාරය, සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියාගේ ජීවිතයට තර්ජනයක් ඇති බව හා ඇය තංගල්ල බන්ධනාගාරයේ රැඳවීමක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සිදු කළ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සම්බන්ධයෙන් කරුණු විමසීමක් කිරීම සදහා ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන ඇති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නොවැම්බර් 16 දින පැය 4ක කාලයක් අදාල ප්‍රකාශය ලබා ගෙන ඇත.

පාස්කු ප්‍රහාරය මෙහෙයවු සහරාන්ගේ බිරිඳ සිදුකළා යැයි පැවසෙන ප්‍රකාශයක කරුණු පදනම් කරගමිනින් ඉරාන් වික්‍රමරත්න මහතා විසින් 2020.11.12 වන දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ඇත. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බවත් ඉරාන් මහතාගේ ප්‍රකාශයෙන් අනාවරණය වු කරුණු මත කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය සම්බන්ධයෙනුත් මේ වන විට විමර්ශණයක් ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...