32 C
Colombo
Monday, April 29, 2024

ඉන්ධන මිල ඉක්මණින් අඩු කිරීමට පියවර ගන්නවා – රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා

- Advertisement -

ඉන්ධන මිල ඉහළ යෑමට හේතු වූ කරුණු රජය විසින් පැහැදිලි කර ඇති බවත් එය ඉක්මනින් අඩු කිරීමට පියවර ගනිමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු ඊයේ (16) මාධ්‍ය හමුවේ කියා සිටියේ ආණ්ඩුවේ හවුල්කාරී පක්ෂ මේ සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කර ඇති බවත් ඒ සඳහා ඔවුන්ට අයිතියක් ඇති බවත් ය.

රජයේ පොදු මතය ලෙස සැලකිය හැක්කේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ පොදු මතය බවත්, සෙසු පක්ෂවල මත රජයේ ස්ථාවරය ලෙස නොසැලකිය යුතු බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

ඇමති බැසිල් රාජපක්ෂ යනු රජයේ තීරණවලට බලපෑම් කළ හැකි රජයේ ප්‍රමුඛ පුද්ගලයෙක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා.

ඉන්ධන මිල ගණන් ඉහළ නංවන අවස්ථාවේ ඔහු සිටියේ නම් ඇතැම් විට ඔහු ඊට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට ද ඉඩ තිබුණු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.


RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...