33 C
Colombo
Monday, April 29, 2024

ඩෙල්ටා ප්‍රභේදය ගැන ඔබ දැනගත යුුතු දේ

- Advertisement -

ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර ගිය Covid වෛරසයේ Delta (B.1.617.2) ප්‍රභේදය අද දිනයේ ලංකාවෙන් සොයා ගනු ලැබූ බව වාර්තා වුණා.

මෙය රටෙහි පවතින වසංගත තත්වයට කෙසේ බලපායිද? කලින් සංසරණය වූ ප්‍රභේදවලට වඩා මෙය වෙනස් වන්නේ කොහොමද? මේ පිලිබඳ අප ලොව ප්‍රකට එන්නත් සම්බන්ධව කටයුතු කරන GAVI (Global Alliance for Vaccines and Immunization) ආයතනය මගින් නිකුත් කරන ලද වාර්තාව පදනම් කරගෙන ඉහත කරුණු විමසා බලමු.
(https://www.gavi.org/…/five-things-we-know-about-delta…)

මෙම කරුණු සාකච්ඡා කිරීමට කලින්, මෙලෙස වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුල අධ්‍යනය කරන ලද ඉතා කුඩා නියැදි තුළින් ලබා ගන්නා ලද දත්ත බැවින් මේවා ඉදිරියේදී අලුත් දත්ත ලැබීමත් සමග වෙනස් විය හැකි බවත් අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි.

ඕනෑම වෛරසයක් ඉතා සීග්‍රයෙන් පැතිර යන විට එහි විකෘතිතාවයන් ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවන සිද්ධියක්. මේ අතරින් කලාතුරකින්, වෛරසය පැතිරීමට උදව් වන විකෘතිතාවයක් ඇතිවන්න පුළුවන්. මෙවැනි විකෘතිතාවයක් ඇතිවූ විට එය අනෙක් ප්‍රභේද අභිබවා ඉතා ඉක්මනින් මිනිසුන් අතර පැතිර යාම සිද්ධ වෙනවා.

Covid-19 රෝගය මුලින් හඳුනා ගත් අවස්ථාවේ සිට මෙලෙස ප්‍රභේද කිහිපයක්ම අනෙක් රටවල මෙන්ම ලංකාව තුළ ද සොයා ගැනීම අපි සියලු දෙනාම අත්දැකලා තියෙනවා.

මේ හේතුව නිසා මුලින්ම තරමක් අඩුවෙන් පැතිරීගිය රෝගී තත්ත්වය ම ක්‍රමයෙන් වෙනස් ප්‍රභේද එකතු වීමත් සමග වෙනදාට වඩා තරමක් වේගයෙන් පැතිරී යාම බොහෝ රටවල නිරීක්ෂණය කර තිබෙනවා.

මීට එක් හේතුවක් වන්නේ මෙලෙස අලුතෙන් එකතු වූ ප්‍රභේද පෙර තිබූ ප්‍රභේද වලට වඩා පහසුවෙන් පුද්ගලයින් අතර පැතිර යෑමයි.

මේ ආකාරයට දැනට ලංකාවේ පැතිරෙමින් පවතින ඇල්ෆා (B.1.1.7) වෛරස ප්‍රභේදයටත් වඩා සීග්‍රයෙන් පැතිරී යෑමේ හැකියාවක් ඇතැයි ලෙස සැලකෙන ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදය සොයාගැනීමත් සමග රෝගය පැතිරී යෑමේ අවදානම ඉහළ යෑමට ඉඩ තිබෙනවා.

කෙසේ නමුත් සම්පූර්ණයෙන් එන්නත්කරණය කරන ලද පුද්ගලයන් හට මෙම Delta (B.1.617.2) ප්‍රභේදයෙනුත් බොහෝ දුරට සාර්ථක ආරක්ෂාවක් ලැබෙන බව පර්යේෂණ වාර්තාව මගින් පෙනී යමින් පවතිනවා.

කිසිඳු එන්නතක් මගින් කිසිදු ප්‍රභේදයක් ආසාදනය වීමේ සම්භාවිතාව 100% කින් අඩු කරන්නේ නැහැ. එහෙත් දැනට ලංකාව තුළ සිදු කරගෙන යන එන්නත්කරණය, පවතින ප්‍රභේද මෙන් ම මෙම නව ප්‍රභේදය නිසා ඇතිවන දරුණු කෝවිඩ් රෝගී තත්ත්ව සහ මරණ අවම කිරීමට ද යෝග්‍ය වනවා.

මෙහිදී ඉතා හොඳින් තේරුම් ගත යුතු කාරණය වන්නේ කොරෝනා ආසාදන තත්ත්වයෙන් මිදීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පෙර පරිදිම මෙම නව ප්‍රභේදයටත් අදාල වන බවයි.

ඉතා වේගයෙන් පැතිර යා හැකි නව ප්‍රභේදය සොයා ගැනීමත් සමග, සෙනග ගැවසෙන ස්ථාන මෙන්ම, පිරිස් එකිනෙකාට ආසන්නයෙන් ගැවසෙන සන්වුර්ත (එළිමහන් නොවන) අවකාශ මග හැරීම පිලිබඳ වඩාත් අවධානය යොමු කල යුතු වෙනවා.

අන් ප්‍රභේදවල වගේම මේ ප්‍රභේදයෙත් රෝග ලක්ෂණ පහළ වීමට කාලයක් ගත වෙන්න පුළුවන්.

ඇතැම් විට සැලකිය යුතු රෝග ලක්ෂණයක් නොපෙන්වා වෛරසය ශරීරගතවී තිබෙනවා වෙන්නටත් පුළුවන්.

ඒ නිසා ඔබට නිතර හමුවන නිරෝගී යැයි පෙනෙන කෙනෙකුගෙන් පවා රෝගය බෝවීමේ අවදානමක් තියෙනවා. මේ ඔබගේ සමීපතම අසල්වැසියකු හිත මිතුරෙකු විය හැකියි.

මේ නිසා අත්‍යවශ්‍ය නොවන සියලු හමුවීම් ගමන් බිමන්, ඔබ මෙන්ම ඔබගේ ආදරණීයයන් අනවශ්‍ය ලෙස අවදානමේ හෙලනවා වෙන්න පුළුවන්.

පවතින තත්වය යටතේ වසංගතය පාලනය කිරීම උදෙසා රෝග නිවාරණ පිලිවෙත් අකුරටම පිළිපැදීමේ අවශ්‍යතාව මේ අවස්ථාවේ අන් කවරදාකටත් වඩා තදින් දැනෙනවා.

මෙලෙස වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුල අධ්‍යනය කරන ලද ඉතා කුඩා නියැදි තුළින් ලබා ගන්නා ලද දත්ත බැවින් මේවා ඉදිරියේදී අලුත් දත්ත ලැබීමත් සමග වෙනස් විය හැකි බවත් අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි.

– සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය –

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...