33 C
Colombo
Saturday, May 4, 2024

වෛද්‍ය සුදත් සමරසිංහ අවංක නිලධාරියෙක් (VIDEO)

- Advertisement -

කොවිඩ් මරණ ගැන නිවැරදි දත්ත වාර්තා නොවන්නේ නම් වසංගත රෝග විද්‍යා ප්‍රධානියා ඉවත් කිරීමට පෙර ජනාධිපතිවරයා කළ යුත්තේ එම දත්ත නිසි ලෙස නොලැබීම ගැන විමර්ශනයක් කිරීම බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ඒ, ඊයේ (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

කොවිඩ් කමිටුවේදී කොවිඩ් මරණ වාර්තා වීම සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්න සහගත තත්ත්වයේදී වසංගත රෝග ප්‍රධානියා වගකිව යුතු බවට කිසිවෙක් හෝ පවසන්නේ නම් එයට එකඟ විය නොහැකි අතර මරණ පිළිබඳ තොරතුරු වාර්තා කරන රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලද ඊට වගකිව යුතු බවයි රත්නප්‍රිය මහතා පවසන්නේ.

”මරණ 55ක් වාර්තා වුණත් 61ක් වාර්තා වුණත් මේක ඇතුළේ පරණ දත්ත තියෙනවාමයි. පරණ දත්ත පරණ කරලා එවපු රෝහල් කාර්යාල මණ්ඩල,රෝහල් ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල නිලධාරීන් වගකියන්න ඕනේ. වසංගත රෝග විද්‍යා අංශයේත් වැරැද්දක් තියෙනවා. දිගටම එහෙම ප්‍රමාද වෙලා එද්දී වැරැද්ද කොහෙද කියලා විග්‍රහ කරන්න ඕනේ. තමන්ගේ ඉහළ ප්‍රධානියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,සෞඛ්‍ය ලේකම් සමඟ කතා කරන්න ඕනේ. ඇමතිතුමිය ඉන්න රැස්වීම්වල කතා කරන්න ඕනේ. එහෙම කතා කරලා උත්තර ලැබුණේ නැද්ද කියන්න අපි දන්නේ නැහැ. එහෙම නම් ඉහළ බලධාරීනුත් මේකට වගකියන්න ඕනේ. මේකට වසංගත ප්‍රධානියා ඉවත් කරලා හරියන්නේ නැහැ. කොවිඩ් මර්දනය දැන් කොහොමත් අසාර්ථකයි.”

කොවිඩ් මරණ ගැන දත්ත පමණක් නොව ලොක්ඩවුන් කිරීමද ආසාර්ථක වී තිබෙන බවයි සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දෙන්නේ. අවසානයේදී සිදුවන්නේ ආර්ථික හානියක් බවද ඔහු අවධාරණය කරන ලදී.

RECENT ARTICLES - SINHALA

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...