32 C
Colombo
Monday, April 29, 2024

පසු කොවිඩ් සංකූලතා තත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කරගනිමු

- Advertisement -

කෝවිඩ් ආශ්‍රිතව වාර්තාවන, ළමා බහු අවයව-පද්ධති ප්‍රදාහ සින්ඩ්‍රෝමය හෙවත් MIS-C (Multisystem Inflammatory Syndrome in Children) තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගන්නේ කෙසේද?

රෝගයෙන් ආරක්ෂා වන ආකාරය කතාබහ කිරීමට පෙර මෙම රෝගය මොකක්ද කියන එකත් මෙහි රෝග ලක්ෂණ මොනවාද කියන එක එම රෝග ලක්ෂණ පහල වුවහොත් කුමක් කළ යුතුද කියන එක ගැන අපි මුලින්ම සාකච්ඡා කරලා බලමු.

MIS-C රෝගී තත්ත්වය ඉතා කලාතුරකින් කොරෝනා ආසාදන තත්ත්වය හා සම්බන්ධව ඇතිවිය හැකි සංකූලතාවක් බවට වෛද්‍ය විද්‍යාත්මක කරුණු අනාවරණය වෙමින් පවතිනවා. මේ සම්බන්ධව පුළුල් දැනුම් පරාසයක් ලොව පුරා තවමත් නොමැති අතර මෙම ලිපිය මගින් අප දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම රෝගී තත්ත්වය ගැන දැනට යම්තාක් මට්ටමකට තහවුරු වූ කරුණු කිහිපයකි.

බොහෝ දරුවන්ට මෙය ඉතා සුළු ආසාදිත තත්ත්වයක් ලෙස ඇතිවිය හැකි නමුත් ඉතා කලාතුරකින් මෙය ඉතා දරුණු රෝගී තත්ත්වයකට උත්සන්න විය හැක. මෙය කුඩා දරුවන්ගේ හෘදය වස්තුව, පෙනහළු, වකුගඩු මොළය, සම සහ සමහර අවස්ථාවලදී ආහාර මාර්ග පද්ධතිය යන අවයව ආශ්‍රිතව සිදුවන ඉදිමුම් තත්ත්වයක් මුල් කරගෙන හටගන්නා රෝගයක් ලෙස අර්ථකථනය වේ.

ලෝකයේ COVID -19 ආසාදන තත්ත්වය ඉතා දරුණුවට පැතිර ගිය රටවල් වල 2020 වසරේ අප්‍රේල් මාසය පමණ සිට වාර්තා වූ මෙම රෝගී තත්ත්වය ලංකාව තුල ද ඉතාමත් මෑත කාලීනව නිරීක්ෂණය කර ඇත. මෙහිදී වැදගත් කාරණය වනුයේ මෙම රෝගයේ රෝග ලක්ෂණ කල් තබා හඳුනා ගැනීමයි. සමහර දරුවන්ට කොරෝනා ආසාදන තත්ත්වයක රෝග ලක්ෂණ පහළ නොවී මෙම රෝග තත්ත්වයේ රෝග ලක්ෂණ සමග පමණක් ඉදිරිපත් විය හැකි බැවින් පහත රෝග ලක්ෂණ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ළමා රෝග විශේෂඥයින් ඉල්ලා සිටිනවා.

• උණ
• උදරයේ වේදනාව
• වමනය
• පාචන තත්ත්වය
• බෙල්ලේ කැක්කුම
• සමෙහි පලු දැමීම
• ඇස් රතුවීම
• වෙනදාට වඩා අධික ලෙස විඩාවට පත්වීම

මෙම රෝග ලක්ෂණ සියල්ල එකම ආකාරයට සියලුම දරුවන්ට ඇති වන්නේ නැති බැවින් මේ සම්බන්ධව අවධානයෙන් සිටීම වඩාත් වැදගත් වේ.

දරුණු රෝගී තත්ත්වයක ලක්ෂණ ලෙස

• හුස්ම ගැනීමේ අපහසුතාවයක්
• පපුව සිර කරන ආකාරයෙන් ඇතිවන පපුවේ වේදනාවක්
• අවදි වීමට නොහැකි බව හෝ පියවි සිහියෙන් සිටීමට නොහැකි වීම
• දරුවා සුදුමැලි ගැන්වූ බවක් නිරීක්ෂණය වීම
• ඉතා දරුණු උදරයේ වේදනා තත්ත්වයක් ඇතිවීම

මෙවැනි රෝග ලක්ෂණ මතු වුවහොත් ඉතා ඉක්මනින් රෝහලකට රැගෙන ගොස් දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන ලෙස ළමා රෝග විශේෂඥයින් ඉල්ලා සිටිනවා.

තොරතුරු සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන්

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...