27 C
Colombo
Tuesday, May 7, 2024

අද රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවෙන ආකාරය මෙන්න

- Advertisement -

පසුගිය මැයි මස 21 වනදා රාත්‍රී 11.00 සිට පැනවූ සංචරණ සීමාවන් අඛණ්ඩව මාසයක් පුරා ක්‍රියාත්මක වු අතර එම සංචරණ සීමා පසුගිය 21 වනදා අලුයම 04.00ට ඉවත් කෙරිණි.

එලෙස ලිහිල් කළ මෙරට සංචරණ සීමා අද (23) රාත්‍රී 10.00 සිට යළි දිවයින පුරා ක්‍රියාත්මක වන අතර එය මේ මස 25වනදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යළිත් මේ මස 25වනදා අලුයම 04.00ට එම සංචරණ සීමා ඉවත් වනු ඇත.

එහෙත් පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ. කෙසේ වෙතත්, සති අන්තයේ සංචරණ සීමා යළි පනවන්නේ ද යන්න පිළිබදව මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර ඉදිරි දින කිහිපයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ පිළිබද අවසන් තීන්දුවක් ගන්නා බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

මේ අතර, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ සංචරණ සීමා ඉවත් කළද අවදානම එසේම පවතින බවයි.

RECENT ARTICLES - SINHALA

නාට්ටාමින්වරුන්ට අලුත් වාහනයක්

පිටකොටුවේ රැකියා කරන නාට්ටාමින්වරුන් සඳහා විද්‍යුත් අත් කරත්ත ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්...

ග්‍රාම නිලධාරීන් අදත් ලෙඩවෙලා

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මක වන අතර වැඩවර්ජනය ආරම්භ කර අදට දින 06...

විද්‍යා ඝාතන නඩුවේ අභියාචනා පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරු ඉවත් වෙයි

යාපනයෙන් සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් 2015 වසරේ දී පැහැරගෙන ගොස් සමුහ දුෂණයට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...