25 C
Colombo
Monday, April 29, 2024

දුම්පානයෙන් කොවිඩ් අවදානම වැඩිවෙන්නේ මෙහෙමයි

- Advertisement -

දුම්පානය කරන්නන් හා සිගරට් දුමට නිරාවරණය වන්නන් මගින් කෝවිඩ්-19 ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස සිදුවන බවත්, එසේම ඔවුන් වෛරසය හේතුවෙන් මිය යෑමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවත් ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමයේ අධ්‍යයන හා පර්යේෂණ කමිටුව නිගමනය කර තිබේ.

ඒ අනුව අවම වශයෙන් කෝවිඩ්-19 වසංගතය පහව යනතුරු සියලු දෙනා දුම්පානයෙන් හා සිගරට් දුමට නිරාවරණය වීමෙන් වැළකීම අත්‍යවශ්‍ය බවයි කමිටුව අවධාරණය කරන්නේ.

එම කමිටුව මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ, ගත වූ වසර එකහමාරක කාලය තුළ විදෙස් රටවල සිදුකරනු ලබන ප්‍රජා මූලික පර්යේෂණ 16ක් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව, දුම්පානයෙන් හා සිගරට් දුමට නිරාවරණය වීමෙන් වැළකීම කෝවිඩ්-19 ව්‍යාප්තිය අවම කර ගැනීමට මෙන්ම වෛරසය ආසාදනය වීම හේතුවෙන් දරුණු සංකූලතා ඇති වීම වළක්වාගැනීමටද හේතු වන බව අදාළ පර්යේෂණයෙන් නිගමනය කර තිබේ.

එසේම එම පර්යේෂණ ප්‍රතිඵල අනුව දුම්පානය කරන්නන් හා සිගරට් දුමට නිරාවරණය වන්නන්ගේ (අක්‍රීය දුම්පානය සිදුකරන පුද්ගලයන්) පෙනහළු රෝගී වීම් නිසා දුම්පානය නොකරන හා සිගරට් දුමට නිරාවරණය නොවන පුද්ගලයන්ට සාපේක්‍ෂව කෝවිඩ්-19 නිසා ඇති වන සංකූලතා වැඩි වන අතර රෝගය වැලඳුණහොත් මියයාමේ හැකියාවද ඉහළය.

දුම්පානය නොකරන හා සිගරට් දුමට නිරාවරණය නොවන පුද්ගලයන්ට සාපේක්‍ෂව දුම්පානය කරන්නන් හා සිගරට් දුමට නිරාවරණය වන්නන්ට කෝවිඩ්-19 වැලඳුණු විට ඇති වන සංකූලතාවල තීව්‍රතාවද ඉහළය. දුම්පානය නොකරන හා සිගරට් දුමට නිරාවරණය නොවන පුද්ගලයන්ට සාපේක්‍ෂව දුම්පානය කරන්නන් හා සිගරට් දුමට නිරාවරණය වන්නන් මගින් කෝවිඩ්-19 රෝගය ව්‍යාප්ත වීම ශීඝ්‍රව සිදුවේ.

මීට අමතරව, මහජනතාව හා රජය ඇතුළු සියලු පාර්ශ්වවල ක්‍ෂණික අවධානයට ලක් විය යුතු නිර්දේශ කිහිපයක්ද පර්යේෂණය අවසානයේ පර්යේෂණ කණ්ඩායම විසින් දක්වා තිබේ.

ඒ අනුව, අවම වශයෙන් කෝවිඩ්-19 වසංගතය පහව යනතුරු සියලුදෙනා දුම්පානයෙන් හා සිගරට් දුමට නිරාවරණය වීමෙන් වැළකීම අත්‍යවශ්‍ය අතර, එමගින් රෝගය ව්‍යාප්ත වීම අඩු කරගැනීමට මෙන්ම රෝගය නිසා දරුණු සංකූලතා ඇති වීම වළක්වාගත හැකි බව එහි දක්වා තිබේ.

කොවිඩ් ආසාදිත පුද්ගලයන්, නිරෝධායනයට ලක්ව සිටින අය හා කෝවිඩ්-19 නිවාරණ ඉදිරි පෙළ කණ්ඩායම් දුම්පානයෙන් හා සිගරට් දුමට නිරාවරණය වීමෙන් වැළකීම අත්‍යවශ්‍යය.

තවද, නිරෝධායනයට ලක් වූ නිවෙස්වල අයවලුන් හා ආශ්‍රිතයන් දුම්පානයෙන් හා සිගරට් දුමට නිරාවරණය වීමෙන් (අක්‍රීය දුම් පානයෙන්) වැළකීම අත්‍යවශ්‍ය බවද අදාළ නිර්දේශවල දැක්වෙයි.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...