27.2 C
Colombo
Saturday, April 27, 2024

ගංවතුරට තෙල් මිශ්‍රවීමෙන් පීඩාවට පත් ජනතාවට ගම්මන්පිළ වන්දි දෙයි

- Advertisement -

පසුගියදා ඇද හැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ බිම් මට්ටමේ පිහිටි ජලය මිශ්‍රිත තෙල් පවිත්‍රාගාරයකින් ගංවතුරට තෙල් මිශ්‍රවීමෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් වන්දි ලබාදීම සඳහා බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පත් කළ වන්දි කමිටුවේ වාර්තාව එහි සභාපති බී.ටී.ටී. පෙරේරා මහත්මිය සහ කමිටු සාමාජික තාරක වේරගොඩ මහතා විසින් අමාත්‍යවරයා වෙත 2021.06.21 දින භාර දෙන ලදී.

වන්දි ගෙවීමට පත් කළ ත්‍රි පුද්ගල කමිටුව මාබිම, වලහේන, පට්ටිවිල යන ප්‍රදේශ වල තෙල් ගංවතුර හා මුසු වීමෙන් නිවාස හා දේපල, ගෙවතු වගාවන්, ජල මූලාශ්‍ර යනාදියට සිදු වූ හානිය පිළිබඳව නිරීක්ෂණ කටයුතු සිදු කරන ලදී. එමෙන්ම මෙම සිද්ධියෙන් පීඩාවට පත් පුද්ගලයන් තමන්ට සිදුවී ඇති හානි පිළිබද විස්තර කමිටුව වෙත ලිඛිතව භාර දෙන ලදී.

මේ සියලු විස්තර සවිස්තරාත්මකව නිරීක්ෂණය කර සමාලෝචනය කිරීමෙන් අනතුරුව පුද්ගලයන් 45 දෙනෙකුට රුපියල් 1,933,000.00ක මුදලක් වන්දි වශයෙන් ලබාදීමට වන්දි කමිටුව විසින් නිර්දේශ කර ඇත.

RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...