28 C
Colombo
Friday, May 3, 2024

අපි රනිල්ට කළගුණ සළකනවා; වත්මන් පාලකයාට ජනතාව බනිනවා – මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)

- Advertisement -

5 වතාවක් මෙරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ යම් අඩුපාඩු තිබුණද ඔහු මෙරට දේශපාලනයෙන් ඉවත් කළ නොහැකි සුවිශේෂී චරිතයක් බවත් ඔහු සිය බල පරාසය තුල මෙරට වෙනුවෙන් යුතුකම් ඉටු කර ඇති බවත් නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, අති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ පවසනවා.

ඒ අද (23) දින හිටපු අග්‍රාමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව උන්වහන්සේ බැහැදැකීමට අභයාරාමය වෙත පැමිණි අවස්ථාවේදීයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ශරීරයත් රනිල් වික්‍රමසිංහ මහතාගේ මොළයත් එක් කළ විට පරිපූර්ණ නායකයෙකු බිහිවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්‍යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු අයෙකු බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.

මේ රටේ ජනතාව විශාල බලාපොරොත්තුවක් ඇතිව නායකයෙකු පත් කර ගත්තද ඒ ජනතාවම අද උන්වහන්සේටත් එම පාලකයන් ගැන චෝදනා එල්ල කරන බවත් සමස්ත අමාත්‍ය මණ්ඩලයම ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව ඇති බවටත් පවසන උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටින්නේ පක්ෂ දේශපාලනයෙන් තොරව රනිල් වික්‍රමසිංහ මහතාව පුද්ගලයෙකු වශයෙන් අගය කරන බවයි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...