29 C
Colombo
Sunday, May 5, 2024

පාතාල ක්‍රියාකාරකම් ගොඩක් අඩුයි – සරත්

- Advertisement -

වර්තමානය වනවිට පාතාල ක්‍රියාකාරකම් සැළකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

වත්මන් ආණ්ඩුව අනුගමනය කරන කඩිනම් වැඩපිළිවෙල ඒ සඳහා හේතු වී ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

ඉදිරියේදී කප්පම් ගැනීම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මත්කුඩු ව්‍යාපාරය නැති කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බවත් ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කිරීම තම අමාත්‍යංශයේ ප්‍රධානතම රාජකාරිය බවත් අමාත්‍යවරයා පවසනවා.

ඇමතිවරයා මෙම අදහස් පළකළේ පානදුර පිංවත්ත කොට්ඨාසයේ නව පොලිස් ස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාග‍ිවෙමිනි.

ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් හා අපරාධ අවම කිරීමේ අරමුණින් පොලිස් ස්ථාන ප්‍රමාණය ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එම වැඩපිළිවෙල යටතේ මෙම නව පොලිස් ස්ථානය පිහිටුවා තිබෙනවා.

එහිදී පොලිස් නිළධාරීන් අමතමින් ඇමතිවරයා සඳහන් කළේ ජනතාවට වඩාත් සාධාරණව හා නිවැරදිව රාජකාරි ඉටුකළ යුතු බවයි. අපක්ෂපාතීව හා සාධාරණව රාජකාරි සිදු කරන පොලිස් නිළධාරීන් පිළිබඳ සම්පූර්ණ වගකීම බාර ගැනීමට තමන් සූදානම් බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...