29 C
Colombo
Sunday, May 5, 2024

එංගලන්තයට පූර්ණ තරගාවලි ජයක්

- Advertisement -

ශ්‍රී ලංකාව පැවති T20 තරගාවලියේදී 3-0 ක් පූර්ණ තරගාවලි ජයක් ලබන්නට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ තුන්වන තරගයේදී ලැබූ ලකුණු 89ක දැවන්ත ජයත් සමගින්.

කාසිය වාසිය දිනූ කුසල් ජනිත්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම විශිෂ්ට ආරම්භයක් ලබා ගත්තා. වරෙක එංගලන්ත කණ්ඩායම ලකුණු 200 ඉක්මවනු ඇතැයි විශ්වාස කළ හැකි වුවද දුෂ්මන්ත චමීර සිය පන්දුවාර හතර තුල ලකුණු 16ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් දවාගනිමින් එංගලන්ත ඉනිම ලකුණු 180කට සීමා කළා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙක් ජාත්‍යන්තර තරගයක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළේ නැහැ. පළමු පන්දුවාර 10 තුල පන්දු 36ක්ම නිලකුණු ඒවා වීම කැපීපෙනන කරුණක්. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම සියලු දෙනා දැවී ලකුණු 91කට සීමා වුණා.

එය T20 කරගයකදී ශ්‍රී ලංකාව වාර්තා කළ සිව්වන අඩුම ලකුණු සංඛ්‍යාවයි.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...