28 C
Colombo
Friday, May 3, 2024

පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්ට අධිකරණයෙන් වාරණ නියෝගයක්

- Advertisement -

කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. රත්නසිරි මහතාව සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා නිකුත් කළ මෙම වාරණ නියෝගය ජුලි මස 12 වැනිදා දක්වා බලාත්මක වන අතර විනිසුරුවරයා ‍මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එස්. රත්නසිරි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් ගොනුකර තිබූ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුවයි.

පසුගිය මැයි මස 20 වැනිදා කුරුවිට ජල යෝජනා ක්‍රමය අසලදී තමන් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට අපහාසාත්මක වන පරිදි බැන වැදුනේ යැයි පවසමින් වාසුදේව නානායක්කාර ඇමතිවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයාට පැමිණිලි කර ඇති බවත් තමන්ව සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත් කරන ලෙසට වාසුදේව ඇමතිවරයා ඉල්ලා ඇති බවත් පැමිණිලිකරු සිය පෙත්සමෙන් පවසනවා.

තමන්ව පක්ෂයෙන් නෙරපීමට ක්‍රියා කිරීම නීතිවිරෝධී බැවින් තමන් ඉවත් කර, ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු පත් කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසයි එස්. රත්නසිරි මන්ත්‍රීවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

කරුණු සලකා බැලූ අධිකරණය අදාල මන්ත්‍රීවරයා ඉවත් කිරීම ජුලි 12 වැනිදා දක්වා වාරණය කරමින් නියෝගයක් නිකුත් කළ අතර මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාට සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි නොතීසි ද නිකුත් කිරීමට අධිකරණය විසින් කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...