32 C
Colombo
Monday, April 29, 2024

ජනතාවට සියලුම දේශපාලනඥයන්ව එපා වෙලා – රනිල්

- Advertisement -

පක්ෂ මාරුවන විට ප්‍රතිපත්ති මාරු කිරීම හේතුවෙන් රට ගොඩනැගීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රට ගොඩනැංවීමට නම් කුමන පක්ෂයක් බලයේ සිටියත් වෙනස් නොවන දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කළ යුතු බවත්, එය කිසිවෙකුට වෙනස් කළ නොහැකි පරිදි නීතියෙන්ම ස්ථාපිත කළ යුතු බවත් එජාජ නායකයා අවධාරණය කර සිටිනවා.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ පසුගියදා ඉවත් කළ එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවට අලුතින් පත්කළ නියෝජිතයන් දිවුරුම් දීමේ අවස්ථාවට ඊයේ (28) සිරිකොත එජාප මූලස්ථානයේදී එක්වෙමින්

සමගි ජන බලවේගයට සහාය දැක්වීම හේතුවෙන් මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 69 දෙනෙකු ඉවත් කිරීමට එජාපය තීරණය කළ අතර ඒ අතර පළාත් පාලන ආයතන ප්‍රධානීන් තිදෙනෙකුද විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප නායකයා සඳහන් කළේ ජනතාව සියලු දේශපාලනඥයන්ව ප්‍රතික්ෂේප කරන තැනකට පැමිණ ඇති බවත් ඒ අනුව, සමස්ත දේශපාලන සංස්කෘතියේම වෙනසක් අවශ්‍ය වී තිබෙන බවත් ‍ය.

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...