26 C
Colombo
Tuesday, May 7, 2024

ඔය ඇඳුම ගැරාජ්වලත් අඳිනවා – චීන ඇඳුම ගැන කෙහෙළියගෙන් පිළිතුරු

- Advertisement -

තිස්සමහාරාම වැවේ, චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් සිදුකර ගෙන යනු ලබන වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පසුගියදා කටයුතු කරනු ලැබුවා.

ඒ, එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවන් පූර්ව අවසරයක් ගෙන නොමැති බව හෙළිවීම නිසායි.

කෙසේ වෙතත් එම ව්‍යාපෘතිය සමාජයේ දැඩි කතාබහකට තුඩුවූයේ එහි සේවය කරන චීන ජාතිකයන්ගේ හැඳ පැළඳ සිටි විශේෂ ඇඳුම් නිසාවෙන්.

අදාල වැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු සඳහා චීන හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුනු පුද්ගලයින් පිරිසක් සේවය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේ දී අද (29) මාධ්‍යවේදීන් විමසු විට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදහස් පළ කර සිටියා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකර ඇති බවත් එම ඇඳුම හුදෙක් අදාළ ආයතනයේ නිල ඇඳුමක් පමණක් බවට එහිදී අනාවරණය වු බවත් ය.

ප්‍රශ්නය – දේශීය පුද්ගලයින්ටත් පුළුවන් ද මේ වගේ ඇඳුම් ඇඳගෙන රාජකාරි කරන්න?

“ලියාපදිංචි ආයතනයක් නම්, ආරක්ෂක ආයතනයක් නම් ඒ ආයතනවල ලැයිස්තුවක් තියෙනවා ඇඳුම් තිබිය යුත්තේ කෙසේ ද කියලා. එතැනින් වෙනස් වෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න වෙනවා. ඉදිරිපත් කළාම ඒකට අනුමැතියක් හිමිවෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්.“

ප්‍රශ්නය – මේ පුද්ගලයෝ චීන ආරක්ෂක අංශවලට සම්බන්ධ අය ද?

“අපි දන්නා තරමට යුද හමුදා කට්ටිය නෙමෙයි. මේ තියෙන්නේ CID වාර්තාව. එහි සඳහන්ව තිබෙනවා එය සාමාන්‍ය කට්ටලයක් බව. පෙළක් වෙලාවට මම දැකලා තියෙනවා ගැරාජ්වලත් ඔය වගේ “overall kits” තියෙනවා. ඔබ තුමන්ලා ගිහින් බලන්න පෙළක් හොඳ ගැරාජ්වල එහෙම ඒවා තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලන්න. මම ඕනේ නම් කියන්නම් ඒවගේ ගැරාජ් කිහිපයක්ම.“


RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...