31 C
Colombo
Wednesday, May 1, 2024

අපි ෆේල් උනාට දැන් පාස්වෙන්න හදන්නේ – මහින්දානන්ද

- Advertisement -

සහල් මිල පාලනය සම්බන්ධයෙන් වත්මන් රජය යම් අසමත්වීමක සිටියද එය නිවැරදි කරගැනීමට උත්සහ කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.

වී අලෙවි මණ්ඩලයේ සහල් තොග අවසන්ව ඇති බැවින් සහල් මෝල් හිමියන් විසින් කිලෝව රු.80-90 වැනී මුදලකට මිලට ගත් කීරි සම්බා තොග රු. 240ක් වැනි අධික මුදලකට විකුණමින් ලාභ උපයමින් සිටින බවයි පෙරේදා (28) දින රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දෙනු ලැබුවේ.

රටේ පවතින නීතියට අනුව වැඩි මිලට සහල් විකිණීම වෙනුවෙන් දඩය රුපියල් 2500ක් බැවින්. වී මෝල් හිමියන් එය පහසුවෙන් ගෙවන හෙයින් ඉදිරියේදී වැඩි මිලට සහල් විකිණීම වෙනුවෙන් දඩය රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට තමන් වෙළඳ ඇමතිවරයාට යෝජනා කර ඇති බවයි අළුත්ගමගේ මහතා පවසන්නේ.

එමෙන්ම තවමත් සහල් ආනයනය කිරීම සඳහා කුමන පාර්ශවයකට හෝ ආනයන බලපත්‍රයක් ලබා දී නොමැති බවත් වෙළඳ ඇමති වරයා සහල් ආනයනය කරන ලෙසට ඉල්ලීමක් සිදු කළද ඒ වෙනුවෙන් තීන්දුවක් තවමත් ගෙන නොමැති බවද පෙන්වා දෙන කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ සහල් අපනයනය කිරීමට තරම් තොග මෙරට පැවතියද ඒවා සඟවා ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

තලවතුගොඩ විතරක් ස්පා 600ක්, නියාමයනය අත්‍යවශ්‍යයි – ඩයනා

තලවතුගොඩ, හෝකන්දර, කෝට්ටේ, ඇතුල්කෝට්ටේ, මාලඹේ, පන්නිපිටිය යන ප්‍රදේශ ආශ්‍රිතව පමණක් සම්බාහන මධ්‍යස්ථාන (ස්පා) 600කට වැඩි ප්‍රමාණයක් තිබෙන බව සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය...

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළට

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 70%කින් ඉහළ දමමින් තීරණය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත්තේ...

ඇමැති ශෙහාන් ජොර්ජියාවට

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. එම සමුළුව හෙට (02) සිට ලබන 05...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...