29 C
Colombo
Sunday, May 5, 2024

චීනයට එරෙහිව සංධාන ගතවීමේ රහස හෙළි කෙරේ

- Advertisement -

චීනයේ ඇතැම් ක්‍රියාකාරකම්වලට එරෙහිව බටහිර රටවල් සංධානගතවීම තුළ චීන විරෝධයක් හෝ චීනය පසුපසට ඇඳ දැමීමේ උවමනාවක් නැතැයි ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කර ඇත්තේ තම රටවලට අවශ්‍යව ඇත්තේ මානව හිමිකම්වලට ගරු කරන විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන ලෝකයක් පවත්වාගෙනයාම බවයි.

චීනයේ ඇතැම් ක්‍රියාකාරකම් එම තත්වයට එරෙහිව යන බැවින් ඊට බලපෑම් කර එම තත්වය වෙනස් කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

පසුගිය දිනවල පැවති G7 රටවල් කණ්ඩායමේ රැස්වීමේදී මෙන්ම නේටෝ නායක හමුවේදී ද චීනයේ ක්‍රියාකාරකම් පිළිබද විශේෂ අවධානයක් යොමු කෙරිණ.

එහිදී චීනයේ ඇතැම් ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දැක්වීම සදහා වි⁣ශේෂ වැඩපිලිවෙළ අනුගමනය කිරීමටද එම රටවල් තීරණය කරනු ලැබිණ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...