32 C
Colombo
Thursday, May 2, 2024

මට විරුද්ධව උද්ඝෝෂණය කරන්න කිසිම ගොවියෙක්ට සාධාරණ අයිතියක් නෑ

- Advertisement -

තමාට විරුද්ධව උද්ගෝෂණය කිරීමට කිසිඳු ගොවියෙකුට සාධාරන අයිතියක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

ජනපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුව අමතමින්.

පසුගිය වසර පහ තුළ වගා කටයුතු බොහෝ දුරට අඩපණ කෙරුණු බවත් වත්මන් ආණ්ඩුව විසින් කෘෂිකර්මාන්තය නඟාසිටුවීමේ ප්‍රතිපත්තියක් මත සිට වී කිලෝවකට රුපියල් 30ක්ව පැවති මිල රුපියල් 50ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවත් වර්තමානයේ ගොවීන්ට පොහොර නොමිලේ ලබා දෙන බවත් පසුව ගොවීන්ට තම වී අස්වනු කිලෝව රුපියල් 65 සහ 68 අතර මුදලකට විකිණීමට හැකි වූ බවත් ජනපතිවරයා පවසනවා එහිදී පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට රජය මැදිහත් වී සහල් මිල පාලනය කරනු ලැබූ බවත් ඔහු පෙන්වා දෙනවා.

ගොවීන් මෙතෙක් ලබාගත් ආදායම අඩුවීමට ඉඩ නොතබන අතර ආදායම අඩුවුවහොත් එම ප්‍රමාණය රජය මඟින් ලබාදී, ගොවියාට අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා මෙහිදී සහතික විය. ගොවින්ටද තමන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කර ගත හැකි බවත් ඒ සඳහා වැයවන මුදල ලබාදීමට රජය සැලසුම් කර ඇති බවත් මෙහිදී පැවසිණි..

බෝ නොවන රෝගවලින් අනාගත පරපුර බේරා ගනිමින් වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන අසූදහසක (80,000)මුදල මෙරට අහිංසක ගොවි ජනතාවගේ අතට ලැබීමට සලස්වන බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටින්නේ.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, මොහාන් ද සිල්වා, සීතා අරඹේපොළ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්ම මහත්මීහු සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

RECENT ARTICLES - SINHALA

Onmax DT අධ්‍යක්ෂවරුන්ට අධිකරණයෙන් නියෝගයක්

Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන...

තනි ආසනයක් තියාගෙන තමයි රනිල් ජනාධිපති වුණේ – රුවන්

කම්කරුවන් සඳහා අනාගතයක් නිර්මාණය කර දුන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පවසනවා. ඔහු...

දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරු

ජනාධිපතිවරයා විසින් පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් පත් කර තිබෙනවා. ඒ අනුව, දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් , වයඹ පළාත් ආණ්ඩුකාරවරයා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...