26 C
Colombo
Tuesday, April 30, 2024

දිවයින පුරා සෞඛ්‍ය සේවකයන් වැඩවර්ජනයේ

- Advertisement -

සිය ඉල්ලීම්වලට අද (05) දිනය තුළ විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් හෙට (06) දිනයේ සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

එම වෘත්තීය සමිති ඉකුත් දින කිහිපයේදීද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වු අතර ඊයේ දක්වා විසදුම් ලබා දීමට බලධාරින්ට අවස්ථාව ලබා දී තිබූ නමුත් බලධාරීන් ඊට නිසි අවධානයක් යොමු නොකළ බවයි පරිපූරක වෛද්‍ය සේවා එක්බද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ.

හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා යනු සම අධ්‍යාපන සුදුසුකම්වලින් බඳවා ගන්නා, සමාන උසස්වීම් ක්‍රමවේද සහ සමාන වරප්‍රසාද සහිත වෘත්තීන් ත්‍රිත්වයක් බවත් එහි සමතුලිතතාව බිඳ වැටීමක් සිදුව ඇති බවත් වර්ජන හේතුවෙන් හෙද සේවයට ලැබුණ වරප්‍රසාද නොදිය යුතු යැයි නොපවසන නමුත් සම වරප්‍රසාද සහිත අනෙක් වෘත්තීන් දෙකට ඒ හරහා අසාධාරණයක් වී ඇති බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පසුගිය දිනක මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා.

විශේෂයෙන් ම, පළමුවන පන්තියේ උසස්වීම් ලබා දීම සඳහා හෙද සේවාවට අඩු කාල සීමාවක් හඳුන්වාදීම හේතුවෙන් අතුරු වෛද්‍ය සහ පරිපූරක වෛද්‍ය සේවා අසාධාරණයට ලක්ව ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ,

මීට අමතරව, හෙද සේවාවේ පමණක් නිල ඇඳුම් දීමනාව ඉහළ දැමීම කනගාටුවට කරුණක් බවත් එවන් කරුණු කිහිපයක් හේතුවෙන් එම වෘත්තීන් ත්‍රිත්වයෙහි තිබූ සමතුලිතභාවය වෙනස් වී ඇති බවත් උපුල් රෝහණ මහතා පැවසීය

උසස්වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල් කරගනිමින් පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පෙරේදා (03) දිනයේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.

අද දිනයේත් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකිරීමට නියමිත අතර අද දිනය තුළ විසදුම් නොලැබුණහොත් හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ.

සෞඛ්‍ය සේවකයින් ආරම්භ කර ඇති මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ දිනයේත් රෝහල් වෙත පැමිණ සිටි රෝගීන් දැඩි අපහසුතාවයන්ට පත්වී තිබුණි.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...