28 C
Colombo
Friday, May 3, 2024

ඉන්ධන මිල ඉහළ යනවිට සතුටු වෙන ආකාරය ගම්මන්පිළ පහදයි

- Advertisement -

ශ්‍රී ලංකාවද ඉන්ධන මිල ඉහළ යනවිට සතුටට පත්වන රටක් බවට පත්කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ, ඊයේ (08) දින පාර්ලිමේන්තුවේදී ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් විපක්ෂය මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

ඉදිරි වසර 04 ඇතුළත තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරන රටවල් අතරට ශ්‍රී ලංකාවද එකතු වන බවත් තවත් සති දෙකකින් පමණ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත්, ඉන්පසු ශ්‍රී ලංකාව සතු ඛනිජ තෙල් කැනීම් කටයුතු ආරම්භ කරන බවත් ගම්මන්පිල මහතා පවසනවා.

ඉන්ධන මිල ඉහළ යනවිට ශ්‍රී ලංකාව වැනි රටවල් දුකට පත් වුවද ඛනිජ තෙල් සම්පත හිමි අරාබි රටවල් ඉන් සතුටට පත්වන බව පෙන්වා දෙන ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ තවත් වසර 4කින් මෙරටද එම තත්වය අත්කර ගනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...