33 C
Colombo
Thursday, May 2, 2024

පරිවර්තකයෙක් නැති නිසා සාක්ෂි දීම කල් දමයි

- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව ඉදිරියේ සාක්ෂි දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ව නොවැම්බර් (19) දින නිව් මැගසින් බන්ධනාගාරයේ සිට Skype මාර්ගයෙන් කැඳවා තිබුණු අතර සිංහල භාෂාවෙන් පිළිතුරු ලබා දීමේදී මන්ත්‍රීවරයාට ඇතිවු අපහසුතා නිසා භාෂා පරිවර්තකයෙක් ඉල්ලා සිටි බැවින් කොමිෂන් සභාව කල් දමා ඇත.

2020.11.16, 17 දිනයන්හිදී රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධව යම් යම් කරුණු කොමිසම් සභාව ඉදිරියේ ඉදිරිපත් වී තිබුණු අතර ඔහුගේ නීතිඥවරයා වන රුෂ්ඩි හබීබ් මහතා විසින් නොවැම්බර් 18 දින පාස්කු කොමිසම ඉදිරියේ කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ කොමිසමේ දී ඉදිරිපත් කර තිබු කරුණු විකෘති කර පුවත්පතක පළ කර ඇති බවය.

ඒ අනුව අද දින කොමිසමේ කටයුතු ආවරණය කිරීමට පැමින සිටි මාධ්‍යවේදීන්ට වාර්තා කිරීමේදී කරුණු විකෘති නොකරන ලෙස කොමිසම අවවාද කර ඇත.

තවද එහිදි කොමිසමේ සාමාජිකයන් පවසා ඇත්තේ රිෂාඩ් බදියුදීන් මහතාව රඳවා ඇති නිව් මැගසීන් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ යාබද කුටිවල සිටින අයට සහ එම වාට්ටුව පවිත්‍ර කිරීමට එන පුද්ගලයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව කොමිසමට වාර්තා වී ඇති බවය.

RECENT ARTICLES - SINHALA

කෝටියක අල්ලස් ගැනීමේ සිද්ධියට සැරයන්වරයෙක් අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේදී කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට අදාළව පොලිස් සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට...

නීතිවේදීන් පහකට ජනාධිපති බහුමාන ප්‍රදානය කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ” බහුමානය ප්‍රදානය කර තිබෙනවා. ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්‍රගාසම්,...

තවත් පිරමීඩ ආයතන කිහිපයක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

තවත් තහනම් පිරමිඩ ආයතන කිහිපයක් පිළිබඳව මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. Beecoin App/Sunbird Foundation, Isimaga International (Pvt) Ltd, Fast Win (Pvt) Ltd, Ledger...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...