29 C
Colombo
Saturday, May 4, 2024

සරත් වීරසේකර කිව්වේ අමු පච – ජෝසප් ස්ටාර්ලින් (VIDEO)

- Advertisement -

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය එක්ව පැවැත්වූ උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයෙන් ඇප ලැබුණු පසුව බලහත්කාරයෙන් නිරෝධායනයට ලක් කරනු ලැබුවා.

අධිකරණයෙන් ඇප ලබා තිබියදී පොලීසියේ මැදිහත්වීමෙන් මෙම පිරිස මුලතිව් ගුවන් හමුදා කඳවුරකට නිරෝධායනයට රැගෙන ගියත් එම ස්ථානයට රැගෙන යන තුරුම ඔවුන් ගෙනයන්නේ කුමන ස්ථානයකටදැයි දැනුවත් නොකර රැගෙන යාම විශේෂත්වයක්.

මූලික අයිතිවාසිකම්ද අහිමි කරමින් නිසි පරිදි ආහාරපාන ඇඳුම්පැළඳුම්ද නොමැතිව සිටින පිරිස සම්බන්ධයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය සරත් වීරසේකර සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වු ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා,

“අද පාර්ලිමේන්තුවේ දී සරත් වීරසේකර අමාත්‍යවරයා කියනවා ඊයේ නිරෝධායනයට යවන කට්ටිය විධිමත්ව සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුව යැව්වා කියලා. අමු බොරු කොහොම ද PHI කෙනෙක් බලන්නේවත් නැතුව නිර්දේශ දෙන්නේ? ඒක සම්පූර්ණ පචයක්. අපිට ටූත්පේස්ට් දුන්නේ හාමුදුරුවෝ නමක්. අපිට කිසි රෙදි කෑල්ලක් දුන්නේ නෑ. මේ ඉන්න අය උදේ ඉදලා ඇඳගෙන හිටියේ බෙඩ්ෂීට්. පොලීසියෙන් කිව්වේ යන තැන ඔක්කෝම තියෙනවා කියලා. සරත් වීරසේකර ඇමතිවරයා කියනවා මීගමුව පොලීසියෙන් අපිට බෙහෙත් දුන්නලු. අමු බොරු හලාවත පොලීසිය ළඟ නවත්තලා පාන් කාලයි කෙසෙල් ගෙඩියයි දුන්නේ. හිඟන කෑම වේවා.“


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...