30 C
Colombo
Saturday, May 4, 2024

බැසිල්ට අරමුදල් දීම නරියට කුකුල් කොටුව දීමට සමානයි

- Advertisement -

පෙරේදා දිනයේදී කොතලාවල පනතට එරෙහිව විරෝධය දැක්වූ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන බලහත්කාරී ලෙස නිරෝධායනයට යොමු කිරීම අවාසනාවන්ත හා ඛේදනීය සිදුවීමක් බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය අවධාරණය කරනවා.

ජනතා ගැටලු වෙනුවෙන් පෙනී සිටින, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින ශිෂ්‍යයන්, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්, දේශපාලන ක්‍රියාධරයන් අත්අඩංගුවට ගැනීම, මර්දනය කිරීම තරයේ හෙළා දකින බවයි එම සංගමය පවසන්නේ.

ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ නිරෝධායනය යනු සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක්ද එසේ නැතහොත් ජනතාව මර්දනය සඳහා පාලකයන් උපයෝගී කර ගන්නා ටූල් එකක්ද යන්න පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රටට පැහැදිලි කළයුතු බවයි.

නිරෝධායන නීතිවලට මුවා වී ජනතාව මර්දනය කිරීමට, ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ක්‍රියකාරීන්, වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීමට කිසිසේතම ඉඩ නොතබන බවද සුමංගල හිමි පෙන්වා දෙනවා.

තවදුරටත් මෙම මර්දන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ආණ්ඩු කටයුතු කරන්නේ නම් සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන බවත්, ඒ සඳහා සියලු වෘත්තීය සමිතිවල සහාය ලබාගන්නා බවත් සුමංගල හිමි පවසනවා. එහි පළමු පියවර ලෙස ලබන සඳුදා සිට මාර්ගගත ඉගැන්වීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බවයි අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය පවසන්නේ.

එමෙන්ම රටේ අරමුදල් බැසිල් රාජපක්ෂ හට භාරදීම නරියාට කුකුල් කොටුව භාර දීමට සමාන බවත් ඔහුගේ පාලනය අවසන් වන විට එම අරමුදක් වල මුදල් අතුරුදන්ව පවතිනු ඇති බවත් උන්වහන්සේ පවසනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...