29 C
Colombo
Thursday, May 2, 2024

ගිණිගත් නැවෙන් මුහුදට විෂ රසායන එක්වූ බවක් ඔප්පු වෙලා නෑ

- Advertisement -

ගිණිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළ තිබූ විෂ රසායන සාගර ජලයට එකතු වූ බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නොලද බවට වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සහතික වනවා.

ඊයේ (09) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව සඳහන් කරන ලදි.

මෙම නෞකා අනතුරින් පසුව, මියගිය මුහුදු ජීවින් රැසකගේ සිරුරු මුහුදු වෙරළට ගොඩගැසූ නමුත් එම මුහුදු ජීවීන් මරණයට පත්වීම හා නෞකාවේ සිදු වූ අනතුරු අතර සබඳතාවක් තිබෙන බවටද මෙතෙක් තහවුරු වී නොමැති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදු වූ අනතුරින් පසුව‍ මේ දක්වා කැස්බෑවුන් 176 ක‍ගේ, ඩොල්ෆින් මත්ස්‍යයන් 20 කගේ සහ තල්මසුන් 04 කගේ මළසිරුරු දිවයින වටා මුහුදු වෙළරට ගොඩගසා තිබිණි. මීට අමතරව කුඩා මසුන් විශාල ප්‍රමාණයක්ද මරණයට පත්ව තිබිණි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...