28 C
Colombo
Sunday, May 5, 2024

ශ්‍රී ලංකා අතිරේක සංචිතයටත් කොරෝනා ඇතුලුවෙයි

- Advertisement -

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ජෛව ආරක්ෂණ බුබුලකට යටත්ව කොළඹදී පුහුණු වීම්වලට එක්ව සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා අතිරේක සංචිතයේ ක්‍රීඩකයෙක්ට කොවිඩ්19 ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග News19 වෙත තහවුරු කළේ පිතිකරු සඳුන් වීරක්කොඩිට මෙලෙස වෛරසය ආසාදිත බවයි.

ඉන්දීය තරඟාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත දෙකක් ජෛව ආරක්ෂණ බුබුලු යටතේ වෙන් වෙන් වශයෙන් කොළඹදී සහ දඹුල්ලේදී පුහුණු සැසිවලට එක් වුණා.

සඳුන් වීරක්කොඩි සමග 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය පුහුණු තරඟයක් සඳහා සහභාගී වීමට ඊයේ රාත්‍රි⁣ දඹුල්ලට පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව බානුක රාජපක්ෂ, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා ඇතුලු සමස්ත කණ්ඩායමම ඔවුන් රැදී සිටි කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදීම නිරෝධායනයට යොමු කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයින් දඹුල්ලේදී පුහුණු වූ කණ්ඩායමේ ආශ්‍රිතයන් නොවූ බව ක්‍රිකට් ආයතනය තහවුරු කරනවා.

එංගලන්ත සංචාරය නිමවා මෙරටට පැමිණි ශ්‍රී ලංකා ප්‍රධාන කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට සහ තරඟ විශ්ලේෂක GT නිරෝෂන කොවිඩ්19 ආසාදිත බව පසුගියදා තහවුරු කර ගැණුනා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජූලි 13 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ තරගාවලිය ජූලි 18 වනදා දක්වා කල් දැමීමට දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල ඊයේ එකඟතාවකට එළැඹියා.

RECENT ARTICLES - SINHALA

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...