27 C
Colombo
Thursday, May 2, 2024

ඉස්කෝලෙට කිලෝමීටර් 4ක් උදේ හවස ගියා – ඔලිම්පික් යන නිමාලි

- Advertisement -

නිමාලි ලියනාරච්චි මෙවර ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබාගත් අවසන් ක්‍රීඩිකාව බවට පත් විය.

ඇය සහභාගී වන්නේ මීටර් 800 කාන්තා ඉසව්වටයි.

ඇය මීටර් 800 ඉසව්වෙන් මෙරට ට වැඩිම පදක්කම් ගණනක් ගෙනආ ක්‍රීඩිකාව වන අතර මීටර් 1500 සහ මීටර් 400 සහාය දිවීම ඉසව්වේ ජාතික වාර්තාවන්වලද ඇයගේ නම සඳහන්.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව නිමාලි මේ වන විට මීටර් 800 කාන්තා ඉසව්වේ 56 වැනි ස්ථානයේ පසු වෙනවා.

නිමාලිගේ මලල ක්‍රීඩා ගමන ඇරඹෙන්නේ බොහෝම දුෂ්කර, දුක්බර ආකාරයට වන අතර ඇයගේ මලල ක්‍රීඩා ආරම්භය සූරියවැව, වැවේගම කනිෂ්ඨ විද්‍යාලයෙන්.

“ගෙදර ඉඳලා පාසලට යන්න කිලෝමීටර් 4කට වඩා යන්න ඕන. මේ දුර අපි උදේ හවස ගියා. අමතර ක්‍රීඩා පුහුණුවීමක් කියල අපේ පාසලේ තිබුණෙ නැහැ. පාසලේ ක්‍රීඩා ගුරුවරයෙක්වත් හිටියෙ නැහැ. එහෙම ඉගෙන ගැනීමක් තිබුණෙත් නැහැ. අපි අපිට ඕන ක්‍රීඩා ඉසව් කළා. මම පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ කළේ මීටර් 1500 සහ මීටර් 800 ඉසව් දෙක. මේ දෙකෙන් ම පළවැනියා වුණේ මම. එතකොට මට වයස අවුරුදු 14ක් විතර ඇති.

තාත්තගෙ මරණෙන් පස්සෙ අම්මා අපි වෙනුවෙන් ගොඩාක් දුක් වින්ඳා. ඒත් කවදාවත් අපි කැමති දේකට අකමැති වුණේ නැහැ. මම ක්‍රීඩා පුහුණුවීම්වලට යන එකට අම්මා තමයි මුලින් ම කැමති වුන කෙනා. නමුත් ඒ දවස්වලට අපිට අවශ්‍ය දේවල් ඒ ආකාරයෙන් ම ලබා දෙන්න අම්මාට බැරි වුනා. ඒ වුනත් අම්මා අපේ ගමන නතර කළේ නැහැ. ගෙදර අඩු-පාඩුත් සමඟ ලොකු අයිය කොළඹ රස්සාවකට ගියා. ඊට පස්සේ ගෙදර කටයුතු හොයා බලාගෙන කරගෙන ගියේ පොඩි අයියා. නංගිටත් මම වගේ ම දුවන්න දක්ෂතා තිබුනත්, අපේ අඩු-පාඩු නිසා එයා ඒවට එන්න ටිකක් අදි-මදි කළා.”

සූරියවැව ක්‍රීඩාව ගැන අදහස දැක්වූ සුජිත් අබේසේකර,

“සූරියවැව තවමත් තියෙන්නේ පරණ තත්ත්වයේමයි. වරින් වර යම් යම් ප්‍රතිපාදන ලැබුනත් වැඩේ කෙරෙන්නේ නැහැ. කොතරම් අඩු-පාඩු තිබුනත් දක්ෂයෝ ඉන්නවා. නමුත් ඔවුන් මේ ක්ෂේත්‍රයේ තබා ගන්න අපිට හැකියාවක් නැහැ. මොකද ඔවුන් බලන්නේ දක්ෂතා දක්වමින් ඉහළ ගිය අය ගැන. ඔවුන්ට ලැබුණ දෙයක් නැහැ. මේ තත්ත්වයට පත් වෙන්න නව පරම්පරාව කැමති නැහැ. ඉතිං නවකයෝ ක්‍රීඩාව අත් හැර යනවා.”

RECENT ARTICLES - SINHALA

උමා ඔය නිසා විදුලිබල මණ්ඩලයට දවසකට රු.මිලියන 80 ක ඉතිරියක්

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක පමණ ඉතිරියක් විදුලිබල මණ්ඩලයට සිදු වන බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ...

බස් ගාස්තු ගැන අවසන් තීරණය

ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු අඩුකරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද (02) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන්...

රට පුරා වැඩවර්ජන රැල්ලක්

සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කල බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. ඒ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...