27 C
Colombo
Friday, May 3, 2024

මැතිවරණ මහලේකම් කාර්යාලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

- Advertisement -

මැතිවරණ මහලේකම් කාර්යාලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් ඉවත් කිරීමට හෝ ස්ථාන මාරු කිරීමට කටයුතු කරමින් සිටින බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා.

කොමිසමේ ආරංචි මාර්ග පවසන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුව ලෙස පැවැති කාලයේ හෝ මැතිවරණ කොමිසම පිහිටුවීමෙන් පසු වැඩිම මාණ්ඩලික නිලධාරීන් පිරිසක් මෙසේ වෙනස් කෙරෙන්නේ මෙවර බවයි.

මේ වන විට ස්ථාන මාරුවීම් ලබා ඇති නිලධාරීන් වන්නේ ටී. හෙන්ස්මන්, සුරංග රණසිංහ, නාලක රත්නායක, ධරණි වීරසේකර, රාජේන්ද්‍ර සසීලන්, තිලින වික්‍රමරත්න, දිලිප් ගම්ලත්, නාමල් තලංගම, ගයාන් පතිරණ, පරිපාලන නිලධාරී ජේ. යු ප්‍රියනාත්, ගණකාධිකාරි තිලක් කුමාර යන අයයි.

තවත් ජ්‍යෙෂ්ඨයන් තිදෙනෙකු සම්බන්ධයෙන් ඉදිරි සති‌ දෙක තුළ තීරණයක් ගැනීමට නියමිත බව ද වාර්තාවනවා.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ මැදිහත්වීමෙන් මේ කටයුතු සිදු වන බවයි.

එසේම ඉදිරියේදී සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් පත්නොකොට, ඒ වෙනුවට වෙනත් පත්කිරීම් සිදුකිරීම සම්බන්ධයෙන්ද මේ වන විට අභ්‍යන්තරයේ කතාබහක් පවතින බවද වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ නිරීක්ෂකයන්ගේ අදහස වන්නේ අත්දැකීම් සහිත මාණ්ඩලික නිලධාරීන් මෙසේ හදිසියේ වෙනස් කිරීම ඉදිරි මැතිවරණවලට බරපතළ තර්ජනයක් වනු ඇති බවයි.

කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ ස්ථාන මාරුවීම් සහ ඉවත් කිරීම්වලින් පසු වසර 5කට වැඩි කාලයක් කොමිසමේ හෝ දෙපාර්තමේන්තුවේ සේවා අත්දැකීම් සහිත පිරිස ලෙස ඉතිරි වන්නේ ඉතා සුළු පිරිසක් බවයි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...