27.6 C
Colombo
Monday, May 20, 2024

මගී ප්‍රවාහන සේවාවලට CCTV කැමරා සවිකර අතවර නවත්තන්න..! – ගීතා

- Advertisement -

පොදු මගී ප්‍රවාහන සේවාවවන්ට සී.සී.ටී.වී. කැමරා පද්ධති සවි කිරීම මගින් කාන්තා අතවරයන් සිදුවීම නතර කළ හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

ඒ, ඊයේ (12) පස්වරුවේ බෙන්තොටදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මේ වන විට කාන්තාවන්ට අතවර කරන පොලිසියක් බිහිව ඇති බවද, පැමිණිල්ලක් කිරීමට මව සමඟ පොලිසියට ගිය දියණියටද අතවර කරන පොලිස් නිලධාරීන් සිටින බවද ඇය පවසා සිටිනවා.

එමෙන්ම, විරෝධතා ව්‍යාපාරවලදී කාන්තාවන් අත්අඩංගුවට ගැනීම පොලිස් පොලිස් නිලධාරිනියකගේ සහභාගීත්වයෙන් තොරව සිදුවන අවස්ථා ඇති බවත් කාන්තාවන්ට පහරදීම් වාර්තා වන බවත් ඇය පෙන්වා දෙනවා.

සෑම පැයකටම වරක්ම කාන්තාවන් ලිංගික අතවරයට ලක්වීම විශාල සමාජීය ඛේදවාචකයක් බව පෙන්වා දෙන ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවැනි කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුවනු ඇති බවට විශ්වාස කරන බවයි.


RECENT ARTICLES - SINHALA

තද වැසි ගැන රතු නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්ක...

ජාතික සමඟිය වෙනුවෙන් කටයුතු  කළ ඥානසාර හිමිට නිදහස දෙන්න – මහනාහිමිවරු

ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. 2016 වසරේදී කූරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය...

රනිල්ගේ උදව්වට ගිය ලන්සාගේ හිත බැසිල් නිසා රිදිලා

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුවට බැසිල් රාජපක්ෂ මහතා සහභාගි කර ගැනීම හේතුවෙන් නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ නව සන්ධානයේ...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...