33 C
Colombo
Thursday, May 2, 2024

මට හිරුණිකාගේ දේපල වෙන්දේසි කරලා මිලියන 500ක් ගන්න පුළුවන් – ගම්මන්පිළ

- Advertisement -

තමා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණි මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව පැවරූ නඩුවක් හරහා තමන්ට රුපියල් බිලියන 0.5ක් ලැබීමට නියමිත බව අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමට එරෙහිව තමන් විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව පැවරූ නඩුවක් විභාග කළ අධිකරණය මෙසේ රුපියල් මිලියන 500ක මුදලක් තමන්ට ගෙවීමට නියෝග කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව තමන්ට හිටපු මන්ත්‍රීවරියගේ දේපළ වෙන්දේසි කොට හෝ එම මුදල් ලබා ගැනීමට හැකි බවයි කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය විසින් 2015 ජූලි 2 දින මා පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශයක් කළා. මම ඒ ප්‍රකාශයෙන් මට සිදු වුණු හානියට රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ 42/2016 මුදල් යන අංක දරණ නඩුව පැවරුවා. මට රුපියල් මිලියන 500ක් වන්දි ගෙවන්න කොළඹ දිසා අධිකරණය නියම කළාම හිරුනිකා මැතිණිය ඒ තීන්දුවට එරෙහිව කොළඹ සිවිල් මහාධිකරණයේ එල්ඒ 112/2018 අංකය යටතේ අභියාචනාවක් ගොනු කලා. 2020 නොවැම්බර් 25 දින මහාධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කරමින් දිසා අධිකරණයේ තීන්දුව තහවුරු කළා.

හරි නම් දැන් හිරුණිකා මැතිණිය මට මිලියන 500ක් ගෙවන්න ඕනෑ. එසේ නොකරනවා නම් ඇයගේ දේපල වෙන්දේසි කර මගේ මුදල අය කර ගන්න මට පුළුවන්. ඇය මට පහර දීම නතර කර ඇති නිසා මම දේපල වෙන්දේසියකට ගියේ නෑ. මේ නඩුව සඳහා නොමිලේම පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මැතිතුමා ඇතුළු නීතිඥ කණ්ඩායමට මගේ ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා.”

RECENT ARTICLES - SINHALA

කෝටියක අල්ලස් ගැනීමේ සිද්ධියට සැරයන්වරයෙක් අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේදී කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට අදාළව පොලිස් සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට...

නීතිවේදීන් පහකට ජනාධිපති බහුමාන ප්‍රදානය කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ” බහුමානය ප්‍රදානය කර තිබෙනවා. ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්‍රගාසම්,...

තවත් පිරමීඩ ආයතන කිහිපයක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

තවත් තහනම් පිරමිඩ ආයතන කිහිපයක් පිළිබඳව මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. Beecoin App/Sunbird Foundation, Isimaga International (Pvt) Ltd, Fast Win (Pvt) Ltd, Ledger...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...