30 C
Colombo
Sunday, May 5, 2024

පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් දීම මන්දගාමීයි – ජනපතිට පිටු19ක ලිපියක්

- Advertisement -

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට කැඳවීමේ මන්දගාමී ස්වභාවය පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්ව ඇති බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජාතික තෝලික ප්‍රකාශක කමිටුව පවසනවා.

මෙතෙක් සිදුව ඇති පරීක්ෂණ විමර්ශන සම්බන්ධයෙන් ද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවෙන් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක වීම පිළිබඳව ද අවසන් වාර්තාව හරහා ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳ වගකීම් පවරා ඇති දේශපාලන අධිකාරය හා රජය නිලධාරීන් සම්බන්ධයෙන් ද සිහිපත් කරමින් ඔවුන් විසින් ජනාධිපතිවරයා වෙත පිටු 19කින් යුත් ලිපියක් යොමු කර තිබෙනවා.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් ඇතුළු රදගුරු හිමිවරුන් හය දෙනෙක් සහ කතෝලික සභාවේ පියතුමන්ලා 27 දෙනෙක් අදාළ ලිපියට අත්සන් තබා තිබෙනවා.

මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු කටයුතු නිමා විය යුත්තේ බෝම්බ ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වූවන් සහ ඔවුනට සහය දැක්වූවන්,ප්‍රහාරය සැලසුම් කළ මහ මොළකරුවන් සහ එය මෙහෙය වූවන්, මෙම සමුල ඝාතනය වළක්වා ගත හැකිව තිබියදී එම වගකීම පැහැර හැරිය දේශපාලකයින්,රාජ්‍ය නිලධාරීන්,පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන් නීතිය ඉදිරියට ගෙන එමෙන් පමණක් බවයි එම ලිපිය හරහා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව පවසා සිටින්නේ.

මෙම ඉල්ලීමට යහපහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් විකල්ප ක්‍රියා මාර්ග කෙරෙහි යොමු වීමටත් ඔවුන් අදහස් කර සිටින බවයි අදාළ ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.

සම්පූර්ණ ලිපිය පහතින්

https://we.tl/t-WfcjKC94R7

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...