26 C
Colombo
Monday, April 29, 2024

දින 10 ක් තිස්සේ අඛණ්ඩව ඉක්කා වැටුණු බ්‍රසීල ජනපතිට සැත්කමක්

- Advertisement -

66 හැවිරිදි බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට දින 10 ක් අඛණ්ඩව ඉක්කාව වැළඳී තිබීම හේතුවෙන් හදිසි ශල්‍යකර්මයක් අවශ්‍ය විය හැකි යැයි ඔහුගේ කාර්යාලය පවසයි.

පරීක්ෂණ සඳහා ඔහු සාඕ පවුලෝහි රෝහලකට මාරු කරනු ලැබ තිබෙන බව මාධ්‍ය වාර්තා කරන ලදී.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනපති බොල්සොනාරෝ පවසා ඇත්තේ දෙවියන්ගේ කැමැත්ත අනුව තමා ඉක්මනින් ආපසු එන බවයි.

2018 දී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී බොල්සොනාරෝ ජනපතිවරයා පිහි ඇණුමකට ලක් විය.

එම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ අතර ඔහුගේ රුධිරයෙන් 40% ක් අහිමි විය. පිහි ඇනීමෙන් පසු ඔහුට සැත්කම් කිහිපයක් සිදු කර තිබේ.

බදාදා අලුයම ඔහු බ්‍රසීලයේ හමුදා රෝහල වෙත ගිය අතර වෛද්‍යවරු පැවසුවේ පැය 24 ත් 48 ත් අතර කාලයක් ඔහු නිරීක්‍ෂණය කරන බවයි.

නමුත් එදිනම ජනාධිපති කාර්යාලය පැවසුවේ 2018 දී බොල්සොනාරෝ මහතාට සැත්කම් කළ ශල්‍ය වෛද්‍ය ඇන්ටෝනියෝ ලුයිස් මැසිඩෝ අතිරේක පරීක්ෂණ සහ ශල්‍යකර්ම සඳහා ජනාධිපතිවරයා සාඕ පවුලෝ වෙත මාරු කරන ලෙස නිර්දේශ කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...