31 C
Colombo
Saturday, May 4, 2024

ඇමති ජනක බණ්ඩාරට එරෙහිව ගොනුකර තිබු අධිචෝදනා පත්‍රයක් බලරහිත කරයි

- Advertisement -

1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපති ගොනු කර තිබුණු අධිචෝදනා පත්‍රයක් නීතියට පටහැනි යැයි තීන්දු කළ අභියාචනාධිකරණය එය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර ඇත.

නොවැම්බර් 20 වන දින අභායාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් අදාල නියෝගය නිකුත් කර ඇත

පෙත්සම්කාර තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් පෙත්සමේ සඳහන් කර තිබුණේ, 1999 වසරේ මහවෙල ප්‍රදේශයේ ඇති වූ ඝාතනයක් සම්බන්ධයෙන් යහපාලන රජය විසින් තමන්ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කළ බවත් එම අධිචෝදනා පත්‍රය නීතිපතිවරයා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමිනි.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

කාදිනල් හිමිගෙන් ගෝඨාට ආයෙත් බැණුම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...