31 C
Colombo
Tuesday, May 14, 2024

විමල් පතල් බසියි

- Advertisement -

සියලු අංශ කාර්යක්ෂම කර වඩා වැඩියෙන් විදේශ විනිමය උපයා දෙන තැනක් බවට කහටගහ පතල පත්කිරීම සිය අරමුණ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (16) කුරුණෑගල, දොඩම්ගස්ලන්ද, මදුරාගොඩ පිහිටි කහටගහ මිනිරන් පතල් සංකීර්ණයෙහි නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කහටගහ පතල් සංකීර්ණයේ සියලු අංශ කාර්යක්ෂම කොට, අගය එකතු කළ මිනිරන් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කෙරෙහි ද අවධානය යොමු කරමින් දැනට වඩා වැඩියෙන් රටට විදේශ විනිමය උපාය දෙන තැනක් බවට එම පතල පත් කිරීම තම අරමුණ බවයි ඔහු පවසන්නේ.

පතල් සංකීර්ණයේ සියලු කටයුතුවල කාර්යක්ෂමතාව වැඩි කිරීමට තීරණ රැසක් ගත් බවත් එමගින් පතල දැනටත් වඩා වැඩියෙන් රටට විදේශ විනිමය උපයාදෙන තැනක් බවට පත් කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් විමල් වීරවංශ මහතා පවසනවා.

කහටගහ පතල, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින පූර්ණ රාජ්‍ය සමාගමක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය සතු වූවකි. අක්කර 102ක භූමිභාගයකින් යුත් පතල් සංකීර්ණය සතු මිනිරන් සංචිතය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් මේ වන විටත් සිදුවෙමින් පවතී. මාසිකව මිනිරන් මෙට්‍රික් ටොන් 65ක් කැණීම් කටයුතු මගින් ලබාගන්නා අතර එය මෙට්‍රික් ටොන් 85 දක්වා වැඩි කර ගැනීම පිළිබඳව ඉහත සාකච්ඡාවලදී අවධාරණය විය.

RECENT ARTICLES - SINHALA

රණවිරුවන්ට ඉඩම් දෙන්න ජනාධිපති කමිටුවක්

රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් අද (14) පත්කරනු ලැබුවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එම කමිටුවේ සභාපතිත්වය...

NVQ 4 වෘත්තීය පුහුණුවේදී වෘත්තීය විෂය ධාරාවේ සිසුන්ට ප්‍රමුඛතාව

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සමත්/අසමත් බව නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීම සඳහා සිසුන්ට අවස්ථාව සලසා දී ඇති අතර, මේ වන විට සෑම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...