28 C
Colombo
Friday, May 3, 2024

නිදහස් පක්ෂය විශ්වාසභංගයට විරුද්ධයි – මෛත්‍රීපාල

- Advertisement -

විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ප්‍රමාණවත් පදනමක නොමැති බැවින් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊට සහය නොදක්වන බව හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

විශ්වාසභංගයක ඇතුලත් වියයුතු කරුණු මෙහි ඇතුලත් නොවන බවත් එහි විධිමත්භාවයක් නොමැති බවත් පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ බරපතල මූල්‍ය අක්‍රමිකතාවයක් හෝ අපරාධයක් වැනි කරුණකට අමාත්‍යවරයා සම්බන්ධ වූයේ නම් විශ්වාසභංගය පිළිබඳව සලකා බැලිය හැකිවනු ඇති බවයි.

එමෙන්ම, දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සහ සැලසුම් වල වටිනාකම පැහැදිලි කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ රජයන් මාරුවීමේදී නිලධාරීන් සහ සැලසුම් මරුවන ක්‍රමය වහාම නතර කළ යුතු බවයි.

එමෙන්ම, රජයක් බලයට පත්වී පළමු වසර දෙක තුල සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුලත් සියල්ල ඉටු කළ නොහැකි බවත් ඊට ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතුබවත් ඔහු අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...