30 C
Colombo
Sunday, May 5, 2024

සාකච්ඡා අසාර්ථකයි – ගුරුවරු තවදුරටත් ඕෆ්ලයින්

- Advertisement -

ගුරු සංගම් නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර බත්තරමුල්ල ඉසුරුපායේදී පැවති සාකච්ඡාව තීරණයකින් තොරව අවසන්වී තිබේ.

අනුමත කරන ලද කැබිනට් පත්‍රිකාව ගැන කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති තත්ත්වයක් තුළ ක්‍රියාත්මක තලයේ හැර ප්‍රකාශයන් ගැන විශ්වාසය තැබිය නොහැකි බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ.

අද උදෑසන 9.00 ට පමණ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ඇතුළු සිව්දෙනෙක් මෙම සාකාච්ජාව සඳහා සහභාගී විය.

2020 ජනවාරි මස 01 වැනිදා ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කර ගැනීම සඳහා විධිමත් කැබිනට් පත්‍රිකාවක් යොමුකර තිබියදී ලබන සඳුදාට යළි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර මෙම ප්‍රශ්නය විසඳීමට ප්‍රවේශයක් ගන්නා බවට අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කර ඇත.

අනුමත කරන ලද කැබිනට් පත්‍රිකාව ගැන කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති තත්ත්වයක් තුළ හුදෙක් ප්‍රකාශ පිළිබඳව විශ්වාස කළ නොහැකි බවයි ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...