32 C
Colombo
Thursday, May 2, 2024

ජෝසප් ස්ටාර්ලින් කියන්නේ කොටින්ට උදව් කරපු ත්‍රස්තවාදියෙක් – පා.ම. මධුර විතානගේ

- Advertisement -

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් යනු ත්‍රස්තවාදියෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ පැවති යුද සමයේදී ත්‍රස්තවාදීන් හට කොළඹට පැනගැනීමට මාර්ග බාධක ඉවත්කරන්නැයි ජෝසප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කළ බවයි.

ඔහු මේ වන විටත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදුකරන බවද මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.

ත්‍රස්තවාදී චෝදනාව පිළිබදව මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ ත්‍රස්තවාදී චෝදනාව නගන ජෝසප් ස්ටාර්ලින් මහතා සම්බන්ධයෙන් යම්කිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසා සිටියේ මෙම තොරතුරු පසුගිය සතියේ තමන්ට ලැබුණු බවයි.

මේ සම්බන්ධයෙන් News 19 කළ විමසීමකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ මධුර විතානගේ මහතාගේ ද්වේශ සහගත ප්‍රකාශය සම්පූර්ණයෙන්ම හෙලා දකින බවයි.

යුද්ධය නිමාවීද වසර 12 ක් ඉක්ම ගොස් ඇති පරිසරයක් තුළ ගුරුවරුන් පාරට බසින තුරු මෙම ත්‍රස්තවාදී තොරතුරු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාට නොලැබීම පුදුමයට කරුණක් බවද ඔහු අප සමඟ ප්‍රකාශ කළා.

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ උවමනාවට කොළඹ දේවි බාලිකා විද්‍යාලය නුගේගොඩ, උඩහමුල්ල ශ්‍රී විජයාරාම විදුහල් භූමියට ගෙන ඒමට කටයුතු සම්පාදනය කිරීමට මැදිහත් වූ මෙම දේශපාලකයා සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම හේතුවෙන් ඔහු තම සංගමය පිළිබදව කෝපයෙන් සිටින බවද ජෝසප් ස්ටාර්ලින් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සමඟ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන දිලිත් ජයවීර හා ධම්මික පෙරේරා යන අය උඩහමුල්ල ශ්‍රී විජයාරාම විදුහලේ ඉබි යතුරු කඩා පාසලට අනවසරයෙන් හා බලහත්කාරයෙන් ඇතුළු වුණේ යැයි එම පාසලේ විදුහල්පතිනිය මිරිහාන පොලීසියට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විරෝධතාවයක් නිසා ලෝටස් පාර අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය...

අපේ මුහුදේ හොරෙන් මාලු අල්ලන්න ආපු ඉන්දීය ධීවරයින්ට ප්‍රහාරයක්

උතුරු මුහුදේ අනවසරයෙන් මසුන් මැරීමට ධීවර යාත්‍රාවකින් පැමිණෙමින් සිටි ඉන්දියාවේ නාගපටිනම්ප් ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට ඊයේ (01) රාත්‍රීයේ මුහුදු කොල්ලකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවට...

Onmax DT අධ්‍යක්ෂවරුන්ට අධිකරණයෙන් නියෝගයක්

Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...