28 C
Colombo
Sunday, May 5, 2024

බිම හෙලූ ඩ්‍රෝන යානයෙන් රහස් රැසක් හෙළිවේ

- Advertisement -

ජම්මු කාශ්මීර පොලිසිය මගින් දේශසීමාවට නුදුරු ප්‍රදේශයකදී වෙඩි තබා බිම හෙළන ලද කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන යානය මගින් එවැනි යානා මගින් එල්ල කළ හැකි ප්‍රහාර පිළිබද තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

කිලෝ විස්සක බරකින් යුත් එම යානයක් මගින් කිලෝ හයක පමණ පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකි බවත් ඊට කිලෝ මීටර් විස්සකට ආසන්න දුරක් ගමන් කළ හැකි බවත් සදහන්.

විශේෂඥ පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ පැයට කිලෝමීටර් හැටක පමණ වේගයෙන් ගමන් කළ හැකි මෙම ඩ්‍රෝන යානාවලට තමන් පැමිණි ඉලක්කය වෙත යළිත් ආපසු ගමන් ගැනීමේ තාක්ෂණයද සතු බවයි.

චීනයේ සහ තායිවානයේ එකලස් කර ඇති මෙම යානා සදහා හොංකොංහි තාක්ෂණික උපකරණද වෙනමම සවිකර ඇති බව හෙළිවී තිබෙනවා.

පකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීරයේ ප්‍රදේශවල සිට ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ඉලක්ක වෙත මෙවැනි කුඩා ඩ්‍රෝන යානා යොදාගෙන පුපුරණ ද්‍රව්‍ය බිම හෙළීම ඉන්දීය ආරක්ෂක අංශවලට දැඩි පීඩනයක් එල්ල කර ඇති බව සදහන්.

මීට සති කිහිපයක්ට පෙර එබදු යානා දෙකක් යොදාගෙන ජම්මු ගුවන් හමුදා කදවුරට පුපුරණ ද්‍රව්‍ය හෙළිමක් සිදු කර තිබූ අතර එහිදී අදාළ යානා පළාගොස් තිබුණා.

ඉන අනතුරුව මෙවැනි කුඩා ඩ්‍රෝන යානා මගින් එල්ල කෙරෙන ප්‍රහාර වළක්වා ගැනීම සදහා විශේෂ ආරක්ෂක පද්ධති ස්ථාපනය කිරීමට ද ඉන්දීය ආරක්ෂක බලධාරීන් තීරණය කළා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...