27 C
Colombo
Monday, April 29, 2024

ජනාධිපති උපදේශක හා හිටපු නියෝජ්‍ය ඇමති රූපවාහිනි වැඩසටහනකදී ගුටිබැට හුවමාරුවක (වීඩියෝ)

- Advertisement -

මෝල්ඩෝවා ජනාධිපති උපදේශක මායා සන්ඩු සර්ජි ටොෆිලාට් සහ රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ජෙනඩි කොසෝවන් අතර සජීවීව විකාශය වූ රූපවාහිනි වැඩසටහනක් අතර තුර ගුටි බැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

වාචික ගැටුමකින් පසුව ඔවුන් දෙදෙනා ශාරිරිකව ද පහර දීම් සිදු කර ගනු ලැබුවේ ජර්නල් ටීවී නාලිකාවේ විකාශය වූ දේශපාලන වැඩසටහනක් අතරතුර දී ය.

ගැටුම අතරතුර යම් අවස්ථාවක දී කොසෝවන් ටොෆිලට් වෙතට පැන ප්‍රහාරයක් එල්ල කළ අතර පසුව ඔහු වතුර වීදුරුවක් ඔහු මතට විසි කරනු ලැබුවා.

හිටපු අමාත්‍යවරයාගේ පහරදීමට එරෙහිව පහරදීම ආරම්භ කළ ජනාධිපති උපදේශකවරයා හිටපු නියෝජ්‍ය ඇමතිවරයාගේ මුහුණට පහර දී බිමට පෙරළා දමනු ලබන ආකාරය ද සජීවීවම විකාශය වුණා.

ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, ගැටුම අවසානයේ කොසෝවාන්ට සිහිය නැති වී ඇති අතර ඔහු වෙනුවෙන් ගිලන් රථයක් කැඳවනු ලැබූ බවයි වාර්තා වෙන්නේ.

පසුව, ගැටුමේ පාර්ශවයන් එකඟතාවයකට පැමිණඇති අතර, අතට අත දී එකට ඡායාරූපයකට ද පෙනී සිට තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...