27 C
Colombo
Friday, May 3, 2024

උසේන් බෝල්ට් අලුත උපන් නිවුන් දරුවන් එක්ක පළමුවරට මාධ්‍ය ඉදිරියේ

- Advertisement -

ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන උසේන් බෝල්ට් පළමුවරට ඔහුගේ නිවුන් දරුවන් ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

නිවුන් පුතුන් දෙදෙනාට තන්ඩර් බෝල්ට් සහ සෙන්ට් ලියෝ බෝල්ට් යනුවෙන් නම් තබා ඇති බව ද බෝල්ට් මාධ්‍ය වෙත පැවසුවා.

උසේන් සහ ඔහුගේ බිරිඳ කාසි බෙනට් ඔවුන්ගේ දෙවැනි දරු උපත මාධ්‍යවලින් රහසක් කරගත් අතර ඔවුන්ගේ මිලියන 10 ක් පමණ ඉන්ස්ටග්‍රෑම් රසිකයින් ගෙන් ද මෙම පුවත රහසක්ව තබා ගනු ලැබුවා.

ඇයට නිදහසේ දරු උපත සිදු කිරීමට අවශ්‍යව තිබුණා.එමෙන්ම ඇයට විවේකය අවශ්‍ය වුණා. එය රහසක් කරගත්තේ එබැවින් යැයි ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

ළමයින් තිදෙනෙකු රැකබලා ගැනීම හෝ මීටර 100 ක් තත්ත්පර 9.6 කින් අවසන් කිරීම යන කරුණු දෙකෙන් වැඩි උත්සහයක් අවශ්‍ය වන්නේ කුමක් සඳහා දැයි මාධ්‍ය විමසූ විට නිරන්තරයෙන් සිනහ මුසු මුහුණින් සිටින බෝල්ට් සිනහවෙමින් නිසැකවම දරුවන් තිදෙනෙක් බලා ගැනීම යැයි පැවසුවා.

‘දරුවන් තිදෙනෙක් එකවර ඇඬීමට පටන් ගැනීම ඉතාම දුෂ්කර දෙයක්.ඒත් ඔවුන් තරම් වටිනා දෙයක් තවත් නැහැ.’

ටෝකියෝ හි ආරම්භ වුණු ඔලිම්පික් උළෙල 2021, ගැන අදහස් ප්‍රකාශ කරමින් නරඹන්නන් නොමැති ක්‍රීඩාංගනයක තරඟ කිරීම හෝ ඇවිදීම ඉතාම අසීරු දෙයක් බව ප්‍රකාශ කළා.

නමුත් ක්‍රීඩකයින්ට සිය අනාගතය වෙනුවෙන් හිස් ක්‍රීඩාංගනවල තරඟ කිරීමට සිදුව ඇතැයි ඔහු පවසා තිබෙනවා.

‘වසංගතය මධ්‍යයේ ක්‍රීඩා ඉදිරියට යන බව විශ්වාස කරන නමුත් දිරගැන්වීමේ ශක්තියෙන් තොරව තරඟ කරන ඕනෑම කෙනෙකු පිළිබඳ කණගාටුයි.මට සෙනග දැනෙනවා, මම ජීවත් වන්නේ ශක්තිය, කම්පනය, ශබ්දය වෙනුවෙන්. ඒ නිසා හිස් ක්‍රීඩාංගනය ඇවිදීම මට නම් බලපානවා’යැයි උසේන් කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...