28 C
Colombo
Friday, May 3, 2024

මම ඉපදෙද්දි රට තිබ්බේ ජපානයේ මට්ටමේ; දැන් ඇෆ්ගනිස්ථාන‍යේ මට්ටමේ – රනිල්

- Advertisement -

ජපානයේ මට්ටමේ සිටි මෙරට මේ වන විට ඇෆ්ගනිස්ථානය මට්ටම දක්වා පහත වැටී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රට මේ තත්වයෙන් ගොඩගැනීමට එක් මතයක් මත කටයුතු කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අන්තර්ජාලය ඔස්සේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින්.

විවිධ පීඩාවන්ට ලක්ව සිටින ජනතාවට කෙටිකාලීන සහන ලබාදිය යුතු බවත් පාර්ලිමේන්තුව සමඟ එක්ව කැබිනට් මණ්ඩලය තීරණ ගත යුතුව ඇති බවත් ඒ මහතා පවසනවා.

මෙහිදී වැඩිදුරට්ත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“අපිට ඇත්ත වශයෙන්ම වැඩසටහනක් තියෙනවා. අනාගතය ගැන අපි කතා කරන්නේ. එතැනින් මතයක් ඇති කරලා අපි එකතු වෙන්න ඕනේ. පරණ ක්‍රමයට ආපහු යන්න බෑ. පෙරමුණු ගැහුවා කියලා දිනන්නේ නෑ. ජනතාවට ඕනේ කොහොමද මෙතැනින් ගොඩ එන්නේ, ඒ ගොඩ එන්න වැඩසටහනක් තියෙනවා ද? දීර්ඝ කාලීනව ලංකාව ගැන මොකද්ද කරන්නේ කියලා දැනගන්න. මොකද විශේෂයෙන් ම අද ලංකාව වැටිලා තියෙන්නේ. අපි ඉපදුන කාලයේ ජපානය එක්ක හිටියේ. අද අපි ඉන්නේ ඇෆ්ගනිස්ථානය එක්ක.

පළමුවෙන්ම තියෙන්නේ කෙටි කාලීන සහන දෙන්න. අද කොරෝනා නිසා ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නැව ගිලීමෙන් විශාල හානියක් සිදුවෙලා තියෙනවා. අපි ආරම්භ කරන්න ඕනේ කොරෝනා පාලනය කරන වැඩසටහනක්. සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙන්න ඕනේ. එහෙනම් අනෙක් රටවල් කරනවා වගේ අපේ වෛද්‍ය උපදේශක කමිටුවක් හා ඒවා ක්‍රියාත්මක කරන පරිපාලන කමිටුවකුත් ඕනේ. මේවායේ තීරණය කැබිනට් මණ්ඩලය ගත යුතුයි. ඇමති මණ්ඩලය පැත්තකට දාලා වැඩ කරන්න බෑ. ඇමති මණ්ඩලය තීරණය ගත යුත්තේ පාර්ලිමේන්තුවට කියලා. එතනදී අපි සියලුදෙනාම එකතු වෙලා වැඩ කරනවා. අන්න ඒ මාර්ගයෙන් තමයි අපිට ඉදිරියට යන්න තියෙන්නේ.

අපිට අද විදේශ විනිමය නෑ එන්නත් ගන්න. 18 වැඩි හැමකෙනාටම අද එන්නත ලබාදෙන්න බෑ. අමාරු තත්ත්වයක තියෙනවා. අපිට පළවෙනියට කරන්න තියෙන්නේ විදේශ විනිමය ලබාගැනීම. ඒකට IMF ආයතනයට යන්න. එතනින් ලබාගත්තහම ඒ සහතිකය උඩ අනෙක් රටවල්වලින් අපට ණය ගන්න පුළුවන්. ඒ නිසා ණය අරගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගෙන පළමුවෙන්ම ජීවිත ආරම්භ කළ යුතුයි.“

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...