29 C
Colombo
Sunday, May 5, 2024

දෙදෙනෙක් බෙදාගත් ඔලිම්පික් රන් පදක්කම

- Advertisement -

ඔලිම්පික් ඉතිහාසයේ වසර 109කට පසු මලල ක්‍රීඩා ඉසව්වක රන් පදක්කම බෙදා ගැනීමට ක්‍රීඩකයින් දෙදෙනෙකු ඊයේ (01) තීරණය කළා.

ඒ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි උස පැනීමේ ඉසව්වේ අවසන් තරගයේදි වැඩිම උසක් සාර්ථක කරගන්නා ලද ක්‍රීඩකයින් දෙදෙනාම පනිනා ලද උස ප්‍රමාණය සමාන වීමත් සමගයි.

මෙලෙස රන් පදක්කම මෙදාගන්නා ලද ක්‍රීඩකයින් දෙදෙනාවන්නේ කටාර් රාජ්‍යයේ ක්‍රීඩක මුටාස් එසා බාර්ෂීම් සහ ඉතාලියේ ජියන්මාර්කෝ තම්බෙරී යන දෙදෙනායි.

මෙම තරගකරුවන් දෙදෙනාම අවසන් තරගයේදි මීටර් 2.19 සිට මීටර් 2.37 දක්වා වූ උස පැනීම් පළමු වාරයේදිම සාර්ථක කරගත් නමුත් මීටර් 2.39 ක උස තරණය කිරීම ඔවුන් දෙදෙනාටම අපහසු වුණා.

එහිදි තවත් උසක් පැන දක්ෂයා තෝරාගැනීමට අවස්ථාව තිබුනත් ඒ වන විට ඉතාලි ක්‍රීඩක තම්බෙරීගේ පාදයේ යම් ආබාධයක් හටගෙන තිබුණා.

රන් පදක්කම හිමිවන ක්‍රීඩකයා තේරිමට තවත් උසක් තරණය කරන්නේදැයි තරග විනිසුරු ඔවුන් දෙදෙනාගෙන් විමසු අවස්ථාවේදි කටාර් ක්‍රීඩක මුටාස් එසා විනිසුරුගෙන් විමසා සිටියේ ” අපිට රන් පදක්කම් දෙකක් ගන්න බැරිද?” යන්නයි.

එයට පිළිතුරු දෙමින් විනිසුරු පැවසුවේ ” ඔව් පුළුවන්. හැබැයි එයට ඔබ දෙදෙනාම එකග විය යුතුයි යන්නයි.

එහිදි මුටාස් එසා තම්බෙරී හට සුහදව අතට අතදෙමින් දෙදෙනා අතර රන් පදක්කම බෙදා ගැනීමට එකගත්වය පල කළ අතර තම්බෙරීද ඉහවහා ගිය සතුටකින් ඊට මනාපය පල කළා.

1912 දී පැවති ස්ටොක්හෝම් ඔලිම්පික් උළෙලට පසුව මලල ක්‍රීඩා ඉසව්වකදි රන් පදක්කමක් බෙදා ගත් පළමු අවස්ථාව මෙයයි.

බොහෝ දෙනෙක් ක්‍රීඩාව තුළ සිය පෞද්ගලික ජයග්‍රාහණය පමණක් බලාපොරොත්තු වන පසුබිමක මෙම සිදුවීම තුළ මනුෂ්‍යත්වය, සහෝදරත්වය සහ මිත්‍රත්වය පිළිඹිබුවන බවට මේ වන විට ලොව පුරා කතාබහට ලක්වෙමින් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...