28 C
Colombo
Sunday, May 5, 2024

දවසේ සුවිශේෂ සිදුවීම් – ඔලිම්පික් දසවන දිනය

- Advertisement -

අසාර්ථක වූ ලිංගික සංක්‍රාන්තිකයා

ඔලිම්පික් උළෙලක් නියෝජනය කළ පළමු ලිංගික සංක්‍රාන්තිකයා ලෙස ඉතිහාසයට එක් වූ නවසීලන්තයේ Laurel Hubbard කිලෝ ග්‍රෑම් 87 බරඉසිලීමේ ඉසව්වට සහභාගී වුණා.

කෙසේවෙතත් ස්නැච් ක්‍රමය අසාර්ථක වීම හේතුවෙන් පදක්කමක් පිළිබඳ ඇගේ බලාපොරොත්තුව බිඳ වැටුණා.

43 හැවිරිදි Laurel Hubbard නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදි උපත ලබනවා.

Laurel බර එසවීමේ පිරිමි ඉසව්වේ නවසීලන්ත ජාතික වාර්තාව ද කලක් අත්පත් කරගෙන සිටියා.

2001දී බර එසවීමේ ඉසව්වට මුලුමනින්ම සමුදෙන Laurel Hubbard යළි 2017 දී යළි ක්‍රීඩාවට අවතීර්ණ වන්නේ ලිංගික සංක්‍රාන්තික කාන්තාවක් ලෙසයි.

එම වසරේදී North Islands ක්‍රීඩා උළෙලේදී කලාපීය වාර්තාවක් පිහිටුවීමට සමත් වන ඇය ඕස්ට්‍රේලියානු ශුරතා තරඟාවලියේදී රන් පදක්කමක් දිනා ගන්නවා.

2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ආබාධයකට ලක්වන ඇයට ක්‍රීඩාවට මුලුමනින්ම සමු දීමට සිදුවනු ඇති බව විශ්වාස කෙරුණා.

කෙසේ වෙතත් සාර්ථක ප්‍රතිකාර මාලාවකින් අනතුරුව යළි පිටියට පිවිසෙන ඇය 2019 පැසිෆික් තරඟාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

ද්වි දශකයකට පසු අප්‍රිකාවට අහිමි වූ රන් පදක්කම

මීටර් 5000 කාන්තා ඉසව්ව විනාඩි 14යි තත්ත්පර 36.79කින් නිමා කරමින් රන් පදක්කම දිනා ගැනීමට නෙදර්ලන්තයේ Sifan Hassan සමත් වුණා. ඒ එවැනි දස්කමක් කළ පළමු ලන්දේසි ජාතික කාන්තාව ලෙස ඉතිහාසයට එක්වෙමින්.

එමෙන්ම 2000 ඔලිම්පික් උළෙලේදී රුමේනියානු ජාතික Gabriela Szabo ගෙන් අනතුරුව මෙම ඉසව්ව ජයගත් කෙන්යානු හෝ ඉතියෝපියානු නොවන එකම කාන්තාව ලෙසද Sifan සැලකෙනවා.

කෙන්යාවේ Hellen Obiri රිදී පදක්කම දිනා ගත් අතර ඉතියෝපියාවේ Gudaf Tsegay ලෝකඩ පදක්කම දිනා ගත්තා.

පුවටි රිකෝ පළමු ජවන හා පිටිය ඔලිම්පික් රන් පදක්කම

ජවන හා පිටිය ඉසව්වකින් තම රටට පළමු ඔලිම්පික් රන් පදක්කම දිනා දීමට මීටර් 100 කඩුලු පැනීමේ කාන්තා ඉසව්වට එක්වූ Camacho-Quinn සමත් වුණා.

24 හැවිරිදි Camacho-Quinn ඔලිම්පික් පදක්කමක් දිනූ එරට දෙවැනි ක්‍රීඩිකාවයි.

Monica Puig ටෙනිස් කාන්තා කේවල.ඉසව්ව ජයගනිමින් 2016 ඔලිම්පික් උළෙලේදී පුවටි රිකෝ රාජ්‍යයට පළමු රන් පදක්කම දිනා දුන්නා.

පදක්කම් සටහන – චීනයට පළමු තැන

රන් පදක්කම් 29ක් සමග පදක්කම් සටහනේ පළමු ස්ථානයේ තවදුරටත් රැඳී සිටින්නේ චීනයයයි.

රිදී පදක්කම් 18ක් සහ ලෝකඩ පදක්කම් 16ක් සමග චීනය දිනාගෙන ඇති සමස්ත පදක්කම් ගණන 63ක්.

රන් පදක්කම් 22ක් සමග ඇමෙරිකාව දෙවන ස්ථානයේත් ජපානය රන් පදක්කම් 17ක් සමග තුන්වන ස්ථානයේත් රැඳී සිටිනවා.

රන් පදක්කම් 14ක් දිනූ ඕස්ට්‍රේලියාව සිව්වන ස්ථානයට පත් වෙද්දී පස්වන ස්ථානය රැකගත් රුසියානු ඔලිම්පික් කමිටුව දිනාගෙන ඇති රන් පදක්කම් ගණන 12ක්

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...