32 C
Colombo
Saturday, May 4, 2024

උපාධි කඩ එපා – කොතලාවල පනත ගැන ශ්‍රීලංනිපය අදහස් දක්වයි

- Advertisement -

මෙරට නව විශ්වවිද්‍යාල ඇතිවීම සම්බන්ධයෙන් හෝ පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිවීම සම්බන්ධයෙන් සිය පක්ෂය විරුද්ධ නොවන නමුත්, නිසි නියාමනයකින් තොරව මුදලට පමණක් උපාධි ලබාදෙන්නේ නම් ඊට එකඟ නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

ඊයේ (03) මහරගම ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ රජයේ විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළත් විය නොහැකි දරුවන් හට මුදල් ගෙවා හෝ උසස් අධ්‍යාපනය ලැබීමට ඉඩ තිබිය යුතු නමුත් එය සිදුවිය යුත්තේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා පමණක් බවයි.

මේ අතර, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අධ්‍යයනය කිරීම සඳහා පත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුවේ නිගමනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය සඳහා ඉදිරිපත් කර තිබේ.

එම කමිටුවේ සභාපති රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා විසින් අදාළ නිගමනය සහ සංශෝධන ඉදිරිපත් කර ඇති අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනය හා පාලනයෙන් බැහැර නොකිරීම ඇතුළු කරුණු 04ක් සම්බන්ධයෙන් එම පක්ෂයේ අවධානය යොමුවී තිබේ.

අදාල ලිපිය පහතින්,

RECENT ARTICLES - SINHALA

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...