28 C
Colombo
Sunday, May 5, 2024

සෑම වර්ෂයකදීම පකිස්තානයේ දරුදැරියන් 1000 ක් බලහත්කාරයෙන් අන්‍යආගමිකයරණයට

- Advertisement -

සෑම වර්ෂයකදීම පකිස්තානයේ දරුදැරියන් දහසකට වඩා වැඩි පිරිසක් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා ගන්නා බවට එරට මානව හිමිකම් කොමිසම නිකුත් කළ නවතම වාර්තාවක සදහන් වේ.

එම කොමිසමෙි හිටපු සභාපතිවරයෙකු වන අමරනාත් මුතුමාල් සදහන් කර ඇත්තේ හින්දු සහ ක්‍රිස්තියානී දැරියන් පැහැරගෙන ගොස් ඉස්ලාම් ආගමට හැරවීම පකිස්තානයේ සුලබ සිදුවීමක් බවයි.

වාර්තාවල⁣ට ඇතුළත් කෙරෙන සංඛ්‍යාවන්ට වඩා බහුලව මෙවැනි පැහැරගෙනයාම් සහ බලහත්කාරයෙන් ආගම වෙනස් කිරීම් සමාජය තුළ පවතින බවත් ඒ අනුව මීට අදාළ සැබෑ දත්ත මීට වඩා වැඩි බවත් ඔහු සදහන් කර තිබේ.

මේ අතර පකිස්තාන ජාතික යුක්ති සහ සාම කොමිසම, පකිස්තාන හින්දු කවුන්සිලය වැනි සංවිධාන සදහන් කරන්නේ වාර්ෂිකව හින්දු සහ ක්‍රිස්තියානි කාන්තාවන් දහසක් පමණ බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා ගන්නා බවයි.

මෙි සම්බන්ධයෙන් බාබා ෂික් අහමඩ් ෂෙයික් නම් ඉස්ලාම් පූජකවරයෙකු ප්‍රධාන වගකිවයුත්තෙකු බවට හදුනාගෙන තිබේ.

ඔහු 1989 සිට මෙි දක්වා හින්දු දැරියන් 110,000ක් පමණ බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා ගැනීමට වගකිය යුතු බවට ද චෝදනා නැගී ඇත.

2016 වර්ෂයේ දී මෙවැනි බලහත්කාරයෙන් ආගම වෙනස් කිරීමට අදාළ නීතියක් පකිස්තාන පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇතත් එය ක්‍රියාත්මකවීම බෙහෙවින් දුර්වල බව පකිස්තාන මානව හිමිකම් සංවිධාන සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...