28 C
Colombo
Friday, May 3, 2024

අන්තරේ කැදවුම්කරු 11 තෙක් රිමාන්ඩ්

- Advertisement -

පසුගියදා පැවති විරෝධතා අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යලයේ මහා ශිෂය සංගමයේ සභාපති අමිල සංදීප ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (06) නියෝග කළා.

ඒ පොලිස් අත්අඩංගුවේ පසුවු විත්තිකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

අත්අඩංගුවේ පසුවූවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය සදහන් කළේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ පසුගියදා පැවැති විරෝධාවයකදී පොලිස් නිලධාරියෙකුට බරපතල තුවාල සිදු කිරීම, නිරෝධායන නීති උල්ලංඝනය කිරිම ජාතිත මංමාවත් පනත උල්ලංඝනය කරමින් ප්‍රධාන මංමාවත් අවහිරි කිරීම, අයුතු ජනරාශිය, පොදු දේපල වලට අලාභ හානි සිදු කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩගුවට ගත් බවයි.

කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යලයේ මහා ශිෂය සංගමයේ සභාපති අමිල සංදීප ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර අධිකරණයට ඉදිරිපත් කළ සෙසු සැකකරුවන් දෙදෙනා ශරීර ඇප මුදා හැරීමට නියම කළා.

සිද්ධියට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ අතර එම පුද්ගලයින් සම්බන්ධයෙන් එළඹෙන 11 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දුන්නා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...