34 C
Colombo
Wednesday, May 8, 2024

මරණ තර්ජන මැද ඇෆ්ගනිස්තාන වැසියෝ තලේබාන්වරුන්ට එරෙහි උද්ඝෝෂණවල

- Advertisement -

තලේබාන් සංවිධානය ⁣ඇෆ්ගනිස්තානයේ බොහෝ ප්‍රදේශවල බලය තහවුරු කර ගනිමින් සිටින පසුබිමක සාමාන්‍ය වැසියන් දහස් ගණනින් ඔවුන්ට එරෙහිව උද්ඝෝෂණ අරඹා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තලේබාන් සංවිධානයෙන් මරණ තර්ජන එල්ල වුවද කාන්තාවන්, ළමුන් ඇතුළු දහස් ගණන් පිරිස් උද්ඝෝෂණ සදහා සම්බන්ධ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

හේරාට් ප්‍රාන්තයෙන් ඇරඹි මෙම විරෝධතා මේ වනවිට කෆිස්සා, බග්ලාන්, නුරිස්තාන්, සාරි ඊ ෆුල් ඇතුළු ප්‍රාන්ත ගණනාවක පැවැත්වී ඇතැයි සදහන් වේ.

එමෙන්ම බදාදා රාත්‍රියේ කාබුල් අගනුවර ද ඇෆ්ගනිස්තාන ආරක්ෂක හමුදාවන්ට සහය පළකරමින් දැවැන්ත විරෝධතා පෙළපාලියක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තලේබාන් ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් පීඩාවට පත්වීම ඉහළයාමත් තලේබාන් සංවිධානය විසින් අල්ලාගත් ප්‍රදේශවල සිවිල් වැසියන්ට එරෙහිව සිදුවන ක්‍රියා පිළිබද වාර්තාවීමත් සමග මෙම උද්ඝෝෂණවලට වැඩි ජන සහභාගිත්වයක් ලැබීමට පටන් ගෙන ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ මන්ත්‍රී පුටුවට අස්වෙලා ගිය කෙනෙක්

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පත් කිරීමට සමගි ජන බලවේගයේ...

මැතිවරණ කොමිසමට දත් විතරක් නෙවෙයි හපන්නත් දෙන්න ඕනේ – මැතිවරණ කොමිසම

0
මැතිවරණ කොමිෂන් සභාව වෙත මැතිවරණ සමයකදී මාධ්‍ය නියාමනය කිරීමේදී ඊට අදාළ නීති රීති පමණක් නොව ඒවා ක්‍රියාත්මක කිරීමටද බලය තිබිය යුතු බව මැතිවරණ කොමිසමේ...

බත් එකේ තිබූ ඌරු මස් කෑ රැඳවියන් දෙදෙනෙක් මරුට

ඌරු මස් සහිත ව්‍යංජනයක් ආහාරයට ගත් මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙනෙක් මියගොස් තිබෙනවා. එමෙන්ම එම ආහාර ගැනීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසුවන තවත් රැඳවියෙකු මේ වන විටත්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...