32 C
Colombo
Saturday, May 4, 2024

විදෙස් සටන්කරුවන් දසදහසක් ඇෆ්ගනිස්තාන සටන්බිමේ

- Advertisement -

ලෝකයේ විවිධ අන්තවාදී ත්‍රස්තවාදී සංවිධාන 20ක් පමණ නියෝජනය කරන දසදහසකට ආසන්න සටන්කරුවන් පිරිසක් ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය සමග එක්ව සටන්වදිමින් සිටින බව අනාවරණය වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගනිස්තාන තානාපති ගුලාම් මොහොමඩ් සදහන් කර ඇත්තේ අයිඑස්අයිඑල්, අල්කයිඩා වැනි සංවිධාන සාමාජිකයන් ඒ අතර කැපී පෙනෙන බවයි.

නැගෙනහිර තුර්කිස්තාන ඉස්ලාමීය ව්‍යාපාරයට සහ උස්බෙකිස්තාන ඉස්ලාම් ව්‍යාපාරය යන සංවිධානවලට සම්බන්ධ සටන්කරුවන් ද මෙම ගැටුම්වලට සම්බන්ධ වී ඇති බව ඔහු සදහන් කර ඇත.

ෆර්යාබ්, ජෝව්ස්ජාන්, තක්හාර් සහ බද්ගස්තාන් යන ප්‍රාන්තවල සිදූවූ සටන්වලට මෙම පිරිස් සම්බන්ධ වූ බවට පැහැදිළි සාක්ෂි ලැබී ඇති බවත් මේ සටන්කරුවන් සිය පවුල්ද සමග තලේබාන් සංවිධානය යටතේ කටයුතු කරන බවත් හෙළිවී තිබේ.

තලේබාන් සංවිධානය සහ අන්තර්ජාතික ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන අතර පවතින මෙම සබදතා මෑත කාලයේ මෙතරම් ප්‍රබලව දක්නට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය බවද ඇෆ්ගනිස්තාන විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...