28 C
Colombo
Sunday, May 5, 2024

අඟලවත්ත – පිඹුර රෝහලේ තාවකාලික කොවිඩ් වාට්ටුව ගලවගෙන ගිහින්

- Advertisement -

අඟලවත්ත – පිඹුර රෝහලේ මීට මාස තුනකට පෙර ඉදිකරන ලද තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය මේ වන විට ගලවාගෙන ගොස් ඇතිබවට තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිකරන ලද මෙම තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය පසුගිය මැයි මස 12 වනදා අඟලවත්ත – පිඹුර රෝහල වෙත භාර දුන්නා.

කෙසේ වෙතත් පසුගිය මාස 3 ටම එම ස්ථානයේ කිසිදු කොවිඩ් රෝගියෙකුට ප්‍රතිකාර කර නොමැති අතර මේ වන විට එම තාවකාලික ඉදිකිරීම හා එහි බඩුබාහිරාදිය එම ස්ථානයෙන් ඉවත්කරගෙන ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසන්නේ එම තාවකාලික කොවිඩ් මධ්‍යස්ථානය එම ස්ථානයෙන් ඉවත් කළද එහි තුළ තිබූ සියලු බඩුබාහිරාදිය එම රෝහලටම භාරදුන් බවයි.

රෝහලට භාරදුන් අනෙක් බඩුබාහිරාදිය රෝහල තුළ විදිමත්ව ස්ථාන ගත කලද කොවිඩ් මධ්‍යස්ථානයේ තිබූ ඇඳන් 40 ස්ථානගත කිරීමට නිසි ස්ථානයක් නොමැතිකමින් එළිමහනේ දමා තිබූ එම ඇඳන්වල ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පලකර වැරදි මතයක් සමාජගත කිරීමට උත්සහ දරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආණ්ඩුවේ කිසිදු මුදලක් භාවිතයට නොගත් බවද සංජීව එදිරිමාන්න මහතා පවසනවා.

කෙසේ වෙතත් මැයි 12 වනදා මෙම ව්‍යාපෘතිය අවසන් කර පිඹුර රෝහලට තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය භාරදෙන අවස්ථාවේදී සංජීව එදිරිමාන්න මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ බැසිල් රාජපක්ෂ මහතාට ස්තූතිය පලකර තිබුණද මේ වන විට එම ස්තූති කිරීමේ වාක්‍ය ඉවත්කරගෙන තිබීමද විශේෂත්වයක්.

පෙර පැවති කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය

කොවිඩ් මධ්‍යස්ථානය පැවති ස්ථානයේ වර්තමාන තත්ත්වය

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...