26 C
Colombo
Monday, May 6, 2024

කළුබෝවිල රෝහලේ එහෙම තදබදයක් නැහැ. ඒක තාවකාලික තත්ත්වයක් – චන්න ජයසුමන

- Advertisement -

කළුබෝවිල ශික්ෂණ රෝහලේ කොවිඩ් ආසාදිත වාට්ටුවේ තදබදය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය කළ අනාවරණය පිළිබඳව සොයා බැලීම සඳහා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එම රෝහලට පැමිණ තිබෙනවා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එය තාවකාලිකව ඇති වු තදබදයක් බවයි.

PCR හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර වාට්ටුවට යවන තුරු රෝගීන් වාට්ටුවෙන් පිටත සිටීමට සිදුවීම නිසා පසුගියදා එම තදබදය ඇතිබූ බවත් මේ වන විට කළුබෝවිල රෝහල තුළ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අලුතින් වාට්ටු දෙකක් හදුන්වා දී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

මේ හේතුවෙන් රෝහල තුළ කිසිදු තදබදයක් නොපවතින බවත් මේ වන විට මෘත ශරීර පවා එකතුවන තත්ත්වයක් මෙම රෝහල තුළ නොමැති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ කළුබෝවිල රෝහලේ ශීතාගාර 37 න් 20 ක පමණ මීට පෙර මියගිය එහෙත් හදුනා නොගත් පුද්ගලයින්ගේ මෘත දේහ තැන්පත් කර ඇති බවයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි එම මෘත දේහ මෙම සතිය තුළ ආදාහනය හෝ භූමදානය කිරිම සිදුකරන බවද චන්න ජයසුමන මහතා මෙහිදී සදහන් කළා.

එමෙන්ම සංචරණ සීමා නිදහස් කිරීමක් රට තුළ සිදුනොකළ බවත් ජනතාවගේ පහසුව වෙනුවෙන් ඇතැම් නීති හඳුන්වා දුන් බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, සියලුදෙනා සාමුහිකව රට තුළ පවතින තත්ත්වයට මුහුණදිය යුතු යැයි මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...