27 C
Colombo
Friday, May 3, 2024

කොවිඩ් එන්නත නොලැබුණ නිසා පුත්තලමේදී නිර්මාණාත්මක විරෝධතාවයක්

- Advertisement -

කොවිඩ්-19 සඳහා එන්නත ලබාදීමේ ව්‍යාපාරය ප්‍රමාදවීමට විරෝධය පළ කිරීම සඳහා අද (09) පුත්තලම දී මිනිසුන් වෙනුවට ඩමි භාවිත කරමින් නිහඬ විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

විරෝධතාවය සංවිධානය කළ ප්‍රදේශවාසීන් කියා සිටියේ රටේ එන්නත් කිරීමේ වැඩසටහන තුළ පුත්තලම දිස්ත්‍රික්කය නොසලකා හැර ඇති බවයි.

සෙසු දිස්ත්‍රික්ක වල එන්නත් අනුපාතය 75%ක් පමණ වුවත් පුත්තලමේ දී තවමත් වයස අවුරුදු 60 ට වැඩි සියලු දෙනාටම එන්නත් ලබා දී නැතැයි නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දන මුණසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

කෙසේ වෙතත් පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ එන්නත්කරණ වැඩසටහන සඳහා එන්නත් 300,000 ක් පමණ පුත්තලම දිස්ත්‍රික්කයට ලබා දී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...